සී ෂෙල්ස් හදිසියේ ආපු කට්ටිය කවුදැයි හෙළි  කරන්න හඳුන්නෙත්ති ඉල්ලයි

සී ලේස් ජාතික විදේශිකයන් පිරිසක් රහසිගතව පසුගිය දිනවල මෙරටට ගෙන්වා ගෙන ඇතැයිද එම ගෙන්වීම ප්‍රශ්න සහගත යැයිද  ජනතා විමුක්ති පෙරමුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි. සී ෂෙල්ස් රටේ පමණක් ශ්‍රි ලාංකිකයන් විශාල පිරිසක් ශ්‍රි ලංකාවට පැමිණීමට පාරොත්තු ලේඛනයේ සිටියදී ඔවුන්ටත් ප්‍රමුඛතාව නොදී රජය මෙම සී ෂෙල්ස් ජාතිකයන් ශ්‍රි ලංකාවට ගෙන්වා ඇති බවත් ඔවුුන් මේ වසංගත සමයේ හදිසියේ ගෙන්වා ගත්තේ කවර හේතුවක් නිසාද යන්න වහා රජය හෝ විදේශ කටයුතු අමාත්‍යංශය හෙලි කල යුතු බවත් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“සී ෂෙලේස් රාජ්‍යය පසුගිය කාලයේ ශ්‍රි ලංකාවේ දේශපාලන මාතෘකාවක් බවට පත්වු රටක්. වරක් තානාපති කාර්යාලයක් විවෘත කිරීමට උත්සාහ කලා. ලංකා බැංකුවේ ශාඛාවක් විවෘත කිරීමට උත්සාහ කලා. විශ්වාසයක් තිබෙනවා මේ රටේ දේශපාලකයන් අයථා විදිහට ඉපැයූ කලු සල්ලි ආයෝජනය කර ඇති රටක් ලෙස සී ෂෙල්ස්. එබැවින් මේ මොහොතේ රජය මෙම විදේශිකයන් ගෙන්වූයේ කවර හේතුවක් මතද? ඒ ආකාරයට සීෂෙල්ස් දූපත්වලින් ආවේ කවුද ආදී සියලු විස්තර රජය හෙලි කළ යුතුයි“ යැයි ඔහු අවධාරණය කළේය.

Exit mobile version