සීසිං පැමිණිලි ගන්නත් එපා – සීස් කරන්න දෙන්නත් එපා

ජනපති අණින් පොලිසිය වැඩට

ලීසිං සමාගම් තම වාරික  නිසි ලෙස නොගෙවූ ගනුදෙනුකරුවන්ගේ වාහන අත්පත් කර ගැනීමේදී පොලිස් ස්ථානවල ගොනු කරන මූලික පැමිණිලි ශ්‍රි ලංකා මහ බැංකුව විසින් ලබා  දී ඇති මාස 06ක සහන කාලයට අදාළ නොගවීම් සම්බන්ධ වාහන අත්පත් කර ගැනීමේ පැමිණිලි   භාර නොගන්නා ලෙසත් යම් හෙයකින් ගනුදෙනුකරුවකුගේ වාහන අත්පත් කර ගත් බවට පැමිණිලි ලැබුණහොත් වහාම අපරාධ විධිවිධාන සංග්‍රහය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත අද (12) උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් 19 වසංතය හේතුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති ණය සහ කල්බදු  ගෙවීම සඳහා ලබා දුන් මාස 06 ක සහන කාලය තුළ ගෙවීම් සිදු නොකරන  ගනුදෙනුකරුවන්ගේද වාහන යලි අත්පත් කර ගැනීමට ඇතැම් ලීසිං සමාගම් පියවර ගනන්නා තත්ත්වයක් තුළ මෙම උපදෙස් ලබා දී ඇත. අදාළ කල්බදු සමාගම් විසින් මෙසේ වාහන යලි අත්පත් කර ගැනිමට පළමුව පොලිසිය වෙත ගොස් සටහන් කරන පූර්ව පැමිණිලිවලදී අදාළ ගනුදෙනු වාර්තා හොඳින් පරීක්ෂා කර බලා අදාළ සහන කාලය තුළට අදාල ගනුදෙනුවක් නම් එම පැමිණිලි සටහන් කර නොගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ.

එසේම මෙම සහනබකාලයට යටත් වූ වාහන අදාල සමාගම් වෙතින් අත්පත් කර ගැනිමට කටයුතු කරන්නේ නම් වාහන සොරකම් කිරීම සහ පැහැර ගැනීම යන චෝදනා මත දණ්ඩ නීති සංග්‍රහයට අනුව කටයුතු කරන ලෙසද පොලිස් ස්තාන වෙත දැනුම් දී තිබේ.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් ලබා දුන් උපදෙස්වලින් පසුව වැඩ බලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත මෙම උපදෙස් ලබා දීමට කටයුතු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම හදිසි තීරණයට පසුබිම් වූයේ ස්වයං රැකියා නියුක්ත ත්‍රි රෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පහර දී ඝාතනය කිරීමට අදාළ සිදුවීමෙන් පසුවය.

Exit mobile version