සිවිල් මිනිස්සුන්ට ගොං ආමි පාට් දැමූ හමුදා පුද්ගලයන්ට දැඩි දඬුවම්! හමුදාපති කියයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද හමුදා සාමාජිකයින් පිරිසක් විසින් එරාවුර් ප්‍රදේශයේ දී කොවිඩ් නීති කඩ කළ බව කියූ සිවිල්වැසියන් කිහිපදෙනෙක් දණ ගස්සවා කරන ලද අනීතික දණ්ඩයන් පිළිබඳව විශේෂ විමර්ශනයක් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යුද හමුදාව විසින් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

හමුදාවේ ගෞරවයට හා විනයට පටහැනිවන පරිදි කටයුතු කරමින් කළ දණ්ඩනය පසුගිය දිනවල සමාජ මධ්‍යයන්හි පලවීමත් සමග ඊට සම්බන්ධ හමුදා පුද්ගලයන් වහාම එම රාජකාරි ස්ථානවලින් ඉවත් කර වෙනත් ස්ථානවලට අනුයුක්ත කළ බව යුද හමුදා ආරංචි මාර්ග කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ශ්‍රී ලංකා යුද හමුදා පොලීසිය විසින් ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණවලින් අනතුරුව ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද යුද හමුදාපතිවරයා නියෝග කර ඇති බව යුද හමුදාව පවසයි

Exit mobile version