සිවිල් ගුවන්සේවා නිලධාරියෙක් ටී -56 ගිනිඅවියක් සමග මත්තල ගුවන්තොටුපලේ…

කීර්ති ප්‍රනාන්දු –

සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරියෙක් මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයට  කිසිවෙකුට නොදැනුවත්ව ටී 56 ගිනි අවියක් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

මෙම ගිනි අවිය කිසිම ආරක්ෂක අංශ නිලධාරියෙක් හෝ උපකරණයකින් හඳුනාගෙන නැති බව පැවසේ.

මෙය ආරක්ෂක තත්වය පිළිබඳ සමාලෝචනය සඳහා කරන වැඩසටහනක් බව පැවසන නමුත් සිවිල් ගුවන්සේවාවේ කිසිම ඉහළ නිලයක්  නොදැනුවත්ව මේ පරීක්ෂණය දියත් කිරීම බරපතල තත්වයක් බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වකවානුවේ ද මෙවැනි පරීක්ෂණයකට යැයි කියමින් ආරක්ෂක අංශ මගහැර ටී 56 ගිනි අවියක් රැගෙන යෑම නිසා එම පරීක්ෂණය කළ නිලධාරීන්ට දැඩි ලෙස අවවාද කර තිබුණේ නිශ්ඡිත ක්‍රමවේදයකට වගකීම් දරන නිලධාරීන් දැනුම්වත් නොකර එය සිදුකිරීම සම්බන්ධයෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යහපාලන සමයේ වූ මේ සිද්ධිය හුවා දක්වමින්    රටේ ආරක්ෂාව තර නොවී තිබීම පිළිබඳව එවකට රජය විපක්ෂයේ දැඩි විවේචනයට ලක් විය.

Exit mobile version