සිවිල් ඇඳුමින් සැරසුන බීමත් තරුණ භික්ෂු පිරිසක් අද අලුයම මහනුවර මැද දී පොලිස් අත්අඩංගුවට…

අද  (30)  අලුයම 1ට පමණ මහනුරව ඔරලෝසු කණුව අසල උමං මාර්ගයේ මත්පැන් පානය කරමින් සිටි හිස මුඩු කරගත් තරුණයින් හය දෙනෙක් පිළිබඳ සැක සිතී පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඒ සිවිල් හැඳුමින් සැරසුණ තරුණ භික්ෂු පිරිසක් බව හෙළි දරවු වී ඇතැයි මහනුවර පොලිසිය පවසයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අද අළුයම මහනුවර ඔරලෝසු කණුව අසල උමං මාර්ගයේ රැඳී සිටි හිස මුඩු කරගත් තරුණ පිරිසක් පිළිබඳ සැක සිතී මුර සංචාරයේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ගෙන් කුමක් කරන්නේදැයි විමසා ඇත.

එවිට තමන් මත්පැන් පානය කළ බව පිළිගත් මේ කණ්ඩායම දැන් ඉවත්ව යන බව පොලිසියට පවසා තිබිණි.
ඔවුන්ගෙන් හැඳුනුම්පත් ඉල්ලා සිටීමේ දී තමන් සන්තකයේ ඇඳුනුම්පත් නැති බව මේ තරුණයින් පැවසූ බැවින් බීමත්ව සිටි මෙම පිරිස  සැකපිට   අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.


වැඩිදුර විමසීමේ දී තරුණයින් සතුව තිබී ඇත්තේ භික්ෂු හැඳුනුම්පත් බව හෙළි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කණ්ඩායම පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවිවල සරසවි සිසුන් යැයි ලැබුණු තොරතුරක් මත මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version