සිරුර එම්බාම් කරමින් සිටියදී පැමිණි පී.සී.ආර්. වාර්තාවෙන් මරණකරු කොවිඩ් ආසාදිත බව තහවුරු වෙලා…

පානදුර රෝහල පිස්සු කෙළියි... සිරුර නිදහස් කරලා තියෙන්නෙ පී.සී.ආර්. වාර්තාව එන්න කලින්...

කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් වෛරසය ආසාදනය  වී ඇතැයි තහවුරු වීමට පෙර රෝහල් බලධාරීන් විසින් මුදා හරින ලද මල සිරුරක් මල් ශාලාවට රැගෙන ගොස් එම්බාම් කරමින් තිබිය දී නිකුත් වී ඇති පී,සී.ආර් වාර්තාවෙන් මිය ගිය අයට කොවිඩ් ආසාදනය වී ඇතැයි   තහවුරු වීම නිසා මල සිරුර ආපසු රෝහලට රැගෙන ගොස් මල්ශාලාවේ පිරිස් හා මළ ගෙදර උදවිය නිරෝධායනය කළ පුවතක් පානදුරෙන් වාර්තා වේ.

පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් මේ පිළිබඳව ලංකාසරට පැවසුවේ මෙවැනි කතාවකි.

මිය ගිය පුද්ගලයා  පානදුර වත්තල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  වයස අවරුදු 74කි. පසුගිය 12 දා මිය ගිය අයගේ මලසිරුර පානදුර මූලික රොහලේ දී පි.සී.ආර් පරීක්ෂණයකට ලක් කර ඇත.  එහෙත් මරණකරුගේ ඒ පවුලේ  කිසිවෙක් කොවිඩ් ආසාදිතව නොසිටීම නිසා  පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව ලැබීමට පෙර දේහය රෝහලින් නිදහස් කර තිබේ.


පසුව ඥාතීන් විසින් මලසිරුර මල් ශාලව වෙත බාර දී ඇති අතර මල්ශාලාවේ සිරුර සකස් කරමින් සිටිය දී පී.සී.ආර් වාර්තාව රෝහලට ලැබී ඇත. වාර්තාව අනුව තහවුරු වී තිබුණේ මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් ලෙසය.

එහිදී කලබලයට පත් සෞඛ්‍ය අංශ නිලධාරින් වහාම මල් ශාලාවට ගොස් එම්බාම් කරමින් තිබුණු මල සිරුර නැවත රෝහල වෙත රැගෙන විත් තිබේ.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසන් මිය ගිය අයගේ පවුලේ උදවිය  සහ මල් ශාලාවේ කාර්ය මණ්ඩලය වහාම නිරෝධායනයට ලක් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිට අමතරව පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ සේවකයින් කීපදෙනෙක්ම නිරෝධායනයට ලක් කළ බව  ඔහු පැවසීය.

 

Exit mobile version