රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වී සිටිය දී මේ වනවිට රටින් පලා ගොස් සිටින ජූඩ් ශමන්ත ජයමහ යන විත්තිකරු රැඳී සිටින ස්ථානය අනාවරණය කරගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
පසුගිය ජූනි 06 වැනිදා කාන්තා සහ මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාව පිරිනැමූ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නිගමනය කරමින් අදාල සමාව බල රහිත බවට නියෝගයක් නිකුත් කරනු ලැබුවේය.
එහිදී එම නියෝගය ලබා දෙමින් විදේශගතව සිටින විත්තිකරු දේශිය සහ ජාත්‍යාන්තර සහාය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නිතිමය පියවර ගන්නා ලෙස ද විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළේය.







