සිරිල් ගාමිණි පියතුමා තුන්වන දිනයටත් හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
පියතුමාට හෙට උදේ 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නට නියෝග කර ඇත
ජාතික බුද්ධි අධ්යක්ෂ ජනරාල් සුරේෂ් සලේ පිළිබඳ සිරිල් ගාමිණී පියතුමා විසින් කරන ලද ප්‍රකාශයකට අදාලව කටඋත්තර ලබා දීම සඳහා පසුගිය 15 සහ 16 දෙදින එතුමෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියහ.
මේ වනවිට පියතුමාගෙන් පැය 16ක කාලයක කටඋත්තර සටහන් කරගෙන තිබේ.
සිරිල් ගාමිණි පියතුමන් වෙත සහය පළ කිරීම සඳහා කොළඹ පදවියේ සියලුම රදගුරුතුමන්ලා හා පියතුමන්ලා හෙට දින උදෑසන 9.30 සිට 11.30 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ රැස් වනු ඇති බව අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා විසින් දැනුම් දී තිබේ.