සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා යළිත් වරක්  CIDයට කැඳවයි..

කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන කමිටු ප්‍රධානී    සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.  

උන්වහන්සේට  අප්‍රේල් 19 සිකුරාදා   සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

ඥානාර්ථ ප්‍රදීපය සිංහල කතෝලික සතිපතා පුවත්පතේ කර්තෘවරයා ද වන සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ යම් යම් තොරතුරු  දැනගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් කැඳවා ඇති බවය.

සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර 2021 නොවැම්බර් මස  3 සිට 8 දක්වා දීර්ඝ කැඳවීමක් සිදුකරනු ලැබුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම වසර තුළ සිදු කළ හැකි අත්අඩංගුවට ගැනීමකට එරෙහිව ඔහු තහනම් නියෝගයක් ලබා ගත්තේය.

Exit mobile version