බීමත් රාජ්‍ය ඇමති ගිනි අවියක් සහිතව අනුරාධපුර බන්ධනාගාරයේත් පිස්සු කෙළී….

Lohan-Ratwatta

වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයට අයථා ලෙස ඇතුළු වී සිය බීමත් මිතුරන් පිරිසකට එල්ලුම් ගස පෙන්වන්නට උත්සාහ කළ බවට රට තුළ කතා බහක් ඇති කළ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත සිරකරුවන්ගේ දිනය යෙදුණු පසුගිය 12 දා ඒ අයුරින්ම අනුරාධපුර බන්ධනාගාරයට අයුතු ලෙසින් ඇතුළු වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් ද ඊයේ (13) වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ රාජ්‍ය ඇමතිවරයෙක් හෙළි කොප්ටර් යානයකින් අනුරාධපුරයට පැමිණ ධරුනු ගණයේ අපරාධකරුවන් රඳවා ඇති සිර කුටි හැර ඉන් දෙදෙනෙක් එළියට ගෙන දණ ගස්වා හිසට පිස්තෝලයක් තබා තර්ජනය කර ගිය බව ය.

බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව කිසියම් හෝ අයෙකුට බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය එහෙනම් අවි ආයුධ පිහි හෝ මත්ද්‍රව්‍ය රැගෙන යා නොහැකි බව බන්ධනාගාර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

වාර්තාවන සිද්ධිය සම්බන්ධව විමසීමට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත සම්බන්ධ කරගැනීමට ගත් සියලුම උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර කියන කතාව

Exit mobile version