සියලුම බෝගවලට කාබනික බොහොර රටින් ගෙන්වන්න අවසර දෙයි!

මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02 ට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

මේ අතර ඔක්තෝබර් මාසය වනවිට සියළුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළඳපොලෙන් පොහොර මිලදී ගත හැකිවන පරදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදීමට ද පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාවේ ප්‍රථම වතාවට කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර මෙරටේ නිෂ්පාදනය කෙරෙමින් පවතින අතර කාබනික නයිට්‍රජන් හා පොටෑසියම් අවශ්‍ය තරම් ආනයනය කර ඇති බවද හෙක්ටයාර් 01 කට නයිට්‍රජන් කි.ග්‍රෑ. 300 ක් හා පොටෑසියම් කි.ග්‍රෑ. 45 ක් බැගින් ගොවියාට නොමිලේ ලබාදීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා කීවේය.


Exit mobile version