බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියල්කෝට් අමානුෂික ඝාතන සිද්ධියේ මූලික වාර්තාව පකිස්ථාන් අගමැති අතට…

by editor
දෙසැම්බර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සියල්කොට් ඛේදවාචකයේ මූලික විමර්ශන වාර්තාව පන්ජාබ් ප්‍රධානීන් විසින් අගමැති ඉම්රාන් ඛාන් වෙත යවා ඇති බව පකිස්ථාන පුවත් ඒජන්සි වාර්තා කරයි.

පකිස්ථානු ප්‍රවෘත්ති සේවා දක්වන  මූලික වාර්තාවට අනුව, ප්‍රියන්ත කුමාර දියවඩන පෙරේදා (03)  දිනයේ පෙරවරු 10:28 ට ප්‍රියන්ත කුමාර  විසින් කම්හලේ බිත්තිවලින් පෝස්ටර් කිහිපයක් ඉවත් කිරීමට දැනුම් දී එය ඉවත් කරවීමත් සමඟ ආරවුලක් ඇති වී තිබේ. එම පෝස්ටර්වල ශුද්ධ වූ නබි (සල්) තුමාණන්ගේ නම සටහන් කර තිබූ බව වාර්තා වේ.

ටික වේලාවකට පසු කර්මාන්තශාලා හිමිකරු එම ස්ථානයට පැමිණ ගැටලුව විසඳා ඇත. ප්‍රියන්ත කුමාර තමාගේ වරදවා වටහා ගැනීම ගැන සමාව ඉල්ලා තිබේ.

කුමාර සමාව ඉල්ලීමෙන් පසු සිද්ධිය සමථයකට පත් වූ බව වාර්තා වන අතර කම්හල් සේවකයන් විසිර ගොස් ඇත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

සමථයකට පත් වූ පසු –

කෙසේ වෙතත්, සමහර කම්කරුවන් කළමනාකරුට පහර දීමට තම සගයන් උසිගන්වා ඇත. සිද්ධිය සමථයකට පත් වී ඇතැයි කියා මිනිත්තු කිහිපයක් ඇතුළත, කාර්මික ඒකකයේ පරිශ්‍රය තුළදීම  මැර පිරිසක් ප්‍රියන්ත කුමාරට පහර දී  මරා දමා තිබේ.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවන විට කම්හල තුළ මුරකරුවන් 13 දෙනෙකු සිට ඇත. ඔවුන් කිසිවෙක් වින්දිතයා බේරා ගැනීමට හෝ මැර පිරිස විසුරුවා හැරීමට උත්සාහ නොකළ බව වාර්තාවේ සඳහන් වේ.

පසුව කුමාරගේ සිරුර කම්හලෙන් පිටතට ඇදගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පෙරවරු 11.28 ට දුරකථන ඇමතුමක් ලැබුණු බව නිලධාරීහු පවසති. විනාඩි 12ක් ඇතුළත පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ  තිබේ.

අත්අඩංගුවට ගැනීම්

අද (05) උදෑසන වනවිට  සිද්ධිය සම්බන්ධව ප්‍රධාන සැකකරුවන් 13ක් පොලිස් අත්අඩංගුවේ පසුවිය. අද  උදෑසන වන විට තවත් සැකකරුවන් හය දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවත් මේ වනවිට මෙම ප්‍රධාන සැකකරුවන් 19 දෙනා ඇතුළුව සැකකරුවන් 124ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරුවන් 19 දෙනා ගුජ්රන්වාලා හි පිහිටි ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසා ඇත.

මේ අතර, පන්ජාබ් පොලිසියේ ප්‍රකාශකයෙකු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සිද්ධියේ වීඩියෝ දර්ශන ආධාරයෙන් නව අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි.

“අත්අඩංගුවට ගත් සැකකරුවන් ශ්‍රී ලාංකික පුරවැසියාට වධ හිංසා පමුණුවන ආකාරය වීඩියෝ පටයේ දැකිය හැකිය,” ප්‍රකාශකයා පැවසීය.

සැකකරුවන් තම මිතුරන්ගේ සහ ඥාතීන්ගේ නිවෙස්වල සැඟවී සිට ඇති බව ඔහු පැවසීය.

පොලිසිය “විමර්ශන සඳහා නවීන තාක්‍ෂණය” භාවිතා කරන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 19 දෙනෙකු මෙම ඝාතනයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය උස්මාන් බුස්ඩාර් සහ පොලිස්පතිවරයා පුද්ගලිකව පරීක්ෂණ අධීක්‍ෂණය කරන බවත්, සී එම් බුස්ඩාර් විසින් නඩු පසු විපරම් කිරීමේ කාර්යය පැමිණිල්ලේ ලේකම්වරයාට පවරා ඇති බවත් ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද විදුලිය නොකැපේ…

Next Post

සියල්කොට්හි ඝාතනයේ වීඩියෝ ප්‍රචාරය නවත්වන්න – ප්‍රියන්තගේ පවුලේ අය ලෝකයෙන් ඉල්ලයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.