සිපෙටිකෝ අයි.ඕ.සී. වැනි පිටරට සමාගම්වලට විකුණන්න යයි… කැබිනට් පත්‍රිකාව හෙට…

මේ වනවිට නිර්මාණය වී ඇති බිහිසුණු ආර්ථික අර්බුදය හමුවේ  වෙනත් විකල්පයක් සොයා ගත නොහැකි බවත්,  ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින ඉන්ධන පිරවුම්හල් වෙනත් සමාගම් වෙත ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත් දුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  පවසයි.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට (27) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියයි.

IOC වැනි ඉන්ධන නිෂ්පාදනය කරන රටවල්වල සමාගම් සඳහා සංස්ථාව සතු පිරවුම්හල් 1,690 ක් කොටස් වශයෙන්   ලබාදීමට යෝජනා කරන බව  අමාත්‍යවරයා පවසයි.

එසේ සිදුවන්නේ    අඩුම වශයෙන් අවුරුද්දක හෝ මාස 6 ක කාලයක් ඔවුන්ගේ සමාගම්වලින් ණය පදනම යටතේ රටට ඉන්ධන ආනයනය කිරීමේ කොන්දේසිය මත බව  අමාත්‍යවරයා වැඩිදුරටත් කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙත්ත රටක ස්වාධිපත්‍ය පිළිබඳව ප්‍රධානම සාධකයවන බලශක්ති ප්‍රභවය  වෙනත් ජාතියක් සතුවීම යනුම වහල් බව තහවුර වීම බවත්, ඇමරිකන් නිව් ෆෝට්‍රස් ගිවිසුමට රට එරෙහි වූයේ මේ අවදානම නිසා බවත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

 

Exit mobile version