සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෙනාව නම් ඩොලර් මිලියන 600කුත් ඒ එක්ක ඇවිත් !

පසුගිය රජය සිදුකිරීමට ගිය කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ විදුලි දුම්රිය ව්‍යාපෘති ක්‍රියාත්මක කලේනම් මේ වන විට රටට ඩොලර් මිලියන 1000කට ආසන්න ප්‍රමාණයක් මෙම වසර දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ බවත් එම ව්‍යාපෘති හදිසියේ නැවැත්වීම මඟින් රටට විදේශ විනිමය පැමිණීම පමණක් නොව 2024 සිට රටේ ජනතාවට ඉතා පහසුවෙන් කොළඹට පැමිණීමට තිබූ කාර්යක්ශම ප්‍රවාහන මාධ්‍යයක් අහිමි වූ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය වත් වත්මන් රජය නැවැත්වූයේ තනිකරම එයින් ඔවුන්ට ප්‍රතිලාභ නොලැබෙන නිසා බවත් ජපන් ආධාර මත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් කොමිස් නොගෙවන අතර දැන් එම ව්‍යාපෘතිය ව්‍යාපෘතියට පවරාගෙන ඇති china harbour චීන ආයෝජකයන් ඔවුන්ට ප්‍රතිලාභ ලබා දෙනු ඇති බවත් චම්පික රණවක මන්ත්‍රීවරයා ලංකාසරට පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා මෙසේද සඳහන් කළේය.


“අපි සම්පූර්ණයෙන්ම සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ 2019 වසරේ දී එහි මූලික කටයුතු එම වසරේ ඇත්තටම ආරම්භ වුණා. වුනා ඉන් පසු 2020, 2021, 2023 වසර වල එහි අදියරෙන් අදියර ඉදිකිරීම් කටයුතු සැලසුම් කර තිබුණා. මෙම කටයුතු සඳහා මේ රට තුළට ඩොලර් මිලියන 500ත් 600ත් අතර ප්‍රමාණයක් විදේශ ආයෝජන ගලා ඒමට නියමිතව තිබුණා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව තවත් විදුලි දුම්රිය ව්‍යාපෘතියක් පිළිබඳව අපි අවධානය යොමු කරමින් සිටියා. එම ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 400 ක මුදලක් විදේශ ආයෝජන ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා . එම ඩොලර් ණය අපිට ගෙවන්නට නියමිතව තිබෙන්නේ 2035 වසරේ. ඒ නිසා එය අද හෙට හෝ ආසන්න වසරවල ආපසු ගෙවීමේ අවදානමක් පැවතුණේ නැහැ. ඒත් එක්ක රටේ ප්‍රවාහන මාධ්‍ය මාධ්‍යයේ විප්ලවකාරී වෙනසක් මේ ව්‍යාපෘතිය ආරම්භ කරා නං සිදුව තිබෙනවා. දැනට පවතින දැවැන්ත වාහන තදබදය එයින් අවම කරගන්න තිබුණා. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මගින් රටට ඉන්ධන සඳහා වැය වෙන්න විදේශ විනිමයක් සැලකිය යුතු ප්‍රමාණයකින් සැලකිය යුතු ලෙස ඉතිරි කර ගන්න කරගන්න එම ව්‍යාපෘතිය ආරම්භ වන 2024 වසර වන විට හැකියාව තිබුණා. එහෙත් මේ රජය පැමිණි ගමන් කළේ ජපන් රජය ද අමනාප කරගෙන ඡපානය අඩු පොලියට ලබාදුන් ණය ද එපා කී ප්‍රතික්ෂේප කරමින් එම ව්‍යාපෘති හදිසියේ නැවැත්වීමයි” යයිද හිටපු අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version