සැලසිනේ වහන පළමු අඩිය තබයි?  නිෂ්පාදන අංශයේ සේවකයන් 6ක් දොට්ට!

සැලසිනේ ආදායම් ගේන්නේ නිෂ්පාදන අංශයෙන් - ඒක වසා දැමීම අරමුණයි- සේවකයෝ කියති.

ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සැලසිනෙ රූපවාහිනි ආයතනයේ,  වෙළෙඳ දැන්වීම් නිෂ්පාදනඅංශ‌යේ සේවකයන් 6 දෙනකු ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

නිෂ්පාදන අංශයේ සේවකයන් ඉවත්කොට වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන අංශයවසා දැමීමට සැලසිනේ සභාපති ලෙස පත් වූ  හරිත්  ගුණවර්ධන සහ සාමාන්‍යාධිකාර අශෝක ගුණතිලක  අරමුණ බවද සේවකයෝ පවසති.

ආයතනයේ වෙනස්කම් කළ යුතු යැයි කියමින් සභාපතිවරයා මේ තීරණය ගෙන ඇති බවත් අවුරුදු 18ක් තරම් කාලයක් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයන්ට ඒයින් රැකියා අහිමි කර ඇති බවත් සේවකයෝ කියති.

සැලසිනේ  පාඩු ලැබූ ආයතනය නොවන අතර නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත්වලින් පරිපූර්ණ ආයතනනයක් බවද  සේවකයෝ පෙන්වා දෙති.


අඩු මිලකට දැන්වීම් නිෂ්පාදනය කරන මේ ආයතනය පසුගිය රජයේ යටතේ  රජයේ වෙළෙඳ දැන්වීම් නිෂ්පාදනය කිරීමේදී ඒම කටයුතු සැලසිනේ හරහා කළ යුතු බවට ගැසට් පත්‍රයක්ද ප්‍රකාශයට පත්කිරීමට පියවර ගැණින.

නිෂ්පාදනය අඩු බැවින් මේ පියවර ගන්නා බව කීවද සාමාන්‍යයෙන් සෑම ආණ්ඩුවක් යටතේම ආයතනයට ආ නිෂ්පාදන ඇණුවුම්වලින් ඒකක් හෝ දෙකක් ටෙන්ඩර් කැඳවා පිටත ආයතන සඳහා ලබාදුන් බවත් මේ වන විට ලැබෙන වෙළෙඳදැන්වීම් නිෂ්පාදන ප්‍රමාණය අඩු බැවින් ඒ දැන්වීම්  පිටතට දී ආයතන ප්‍රධානීන්ට ලාභයක් ගැනීමට නොහැකි වී ඇති බවත් සේවකයෝ  හෙළි කරති.

පසුගිය කාලයේ ආයතනයට  ලැබුණු නිෂ්පාදන ඇනවුම්ද සභාපති හරිත් ගුණවර්ධන සිය මිතරකුගේ වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ආයතනයකට පිට පාරෙන් ලබාදුන් බවද  චෝදනා එල්ල වී ඇත.

ආයතනයේ සිදුවූ අකටයුතුකම් සම්බන්ධයෙන් දිගින් දිගටම අදාළ පුද්ගලයන් දැනුම්වත් කළ බවද ඔවුහු කියති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආයතනය නීත්‍යනුකූල නොවන බවට  මේ වන විට ජනමාධ්‍ය ලේකම් අනූෂ පැල්පිටගේ මිතුරන් දෙදනක් වන සැලසිනේ සභාපතිවරයා හා සාමාන්‍යාධිකාරිවරයා කියන බවත් අවුරුදු 41ක් යනතුරු ආයතනය නීත්‍යනුකූල වන්නේද නොවන්නේ ද යන්න සොයා නොගැනීම ගැටලුවක් බවත් සේවකයෝ ප්‍රකාශ කරති.

Exit mobile version