සැර අකුණු පහරක් වන අලි 18ක ජීවිත ඩැහැගනී

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ කතියටෝලි වන රක්ෂිතය තුළ මිය ගිය වන අලින් 18 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇති අතර මෙම මරණවලට හේතුව ඔවුන් අකුණු ප්‍රහාරයකට ලක්වීම බවට එරට වන සංරක්ෂණ බලධාරීහු විශ්වාස කරති.

ඊයේ (13) මෙම වන අලින්ගේ සිරුරු දැක ගන්නට හැකිව ඇති අතර මෙම සිදුවීම පසුගිය බදාදා සිදුවන්නට ඇති බවට ඇසැම් ප්‍රාන්තයේ ප්‍රධාන වන සංරක්ෂකවරයා වන අමිත් සහේ පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වන අඩවියේ කඳුකර ප්‍රදේශයක මෙම අලි සිරුරු හමුව ඇති අතර වසර 20ක කාලය තුළ වන අලින් රංචු වශයෙන් මිය ගිය පළමු සිදුවීම මෙය බවට සැලකේ. ප්‍රධාන වන සංරක්ෂක අමිත් සහේට අනුව මෙම අලි සිරුරු ස්ථාන දෙකකදී හමුව ඇති අතර එක ස්ථානයක අලින් 14 දෙනකු මිය ගොස් සිටි අතර තවත් ස්ථානයක අලින් සිව් දෙනකු මියගොස් තිබුණි.


Exit mobile version