සැබෑ නායකයෙක්… නව නායකයෙකුට නව ටෙස්ට් ක්‍රිකට් වාරයට ඉඩ දී දිමුත් නායකත්වයෙන් ඉවත්වීමට සැරසෙයි…

නව නායකයෙකුට නව ක්‍රිකට් වාරයේ නායකත්වය ලබා දෙන්න... ඔහු යටතේ ක්‍රීඩා කරන්න සූදානම්... දිමුත් තේරීම් කමිටුවට දන්වයි!

dimuth-karunaratne

එළඹෙන අයර්ලන්ත සංචාරයෙන් අනතුරුව තමන් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බව දිමුත් කරුණාරත්න පවසයි.

මේ වනවිට ඔහු ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

අද තරගාවලිය සම්බන්ධව කළ කතා බහක් අතර මාධ්‍ය හමුවේ දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ ගාල්ලේදී පැවැත්වීමට නියමිත අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව  ඊලඟ ටෙස්ට් තරගාවලිය වසර දෙකක කාලයක් පුරා දිවයන බවය.

තරගාවලිය ආරම්භ වූ පසු මැදින් ඉවත්වනවාට වඩා  නව නායකයෙකුට එම අවස්ථාව ලබා දීම වඩාත් උචිත බව මට හිතෙනවා. ඒ ගැන තේරීම් කමිටුවට දැනුම් දී තිබුණත් ඔවුන්ගේ අදහස තවම මා දන්නේ නෑ…


දිමුත් කරුණාරත්න පැවසුවේය.

අද තරගයේ දී මන්දාලෝක තත්ත්වයක් පැවති බව කී දිමුත් කරුණාරත්න ඒ සම්බන්ධව විනිසුරු වරුන් වෙත දන්වනු ලැබුවද ඔවුන් ආලෝක පරිමාණ නිරීක්ෂණය නොකිරීම ගැටලුවක් බවය.

“ මා දන්නෙ නෑ ඇයි එහෙම ඔවුන් කළේ කියලා. ලයිට් මීටර් එක ඒ අය ගාව තිබුණා. නමුත් ඔවුන් ආලෝකය පරීක්ෂා කළේ නෑ. අපට කරන්න පුලුවන් ඉල්ලීමක් කරන්න විතරයි. විනිසුරුවරුන්ගේ තීරණය අවසාන තීරණය. කෙසේ වෙතත් මේ ගැන තරග තීරකවරයාට දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිමුත් කරුණාරත්න කීවේය. දිමුත් කරුණාරත්න ලබන අප්‍රේල් 21 ට  35 වැනි විය සපුරන්නේය.

Exit mobile version