සාරා ඇත්තටම මිය ගියේදැයි යළි බලන්න සයින්දුමරුදු සිරුරු අනිද්දා ගොඩ ගනී!

සාරා ජස්මින්

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කරන කාන්තාවක්  වූ  සාරා ජස්මින් නැමැත්තිය සැබෑවටම මිය ගියේද නැතිනම් ජීවතුන් අතරද යන්න පිළිබඳව යළි තහවුරු කර ගැනීම සඳහා ඇය අවසන් වරට සයින්දුමරුදු ප්‍රදේශයේ ජීවත් වූ නිවසේ සිදුවූ බෝම්බ පුහාරයෙන් මිය ගිය  පුද්ගලයන් 16 දෙනා මිහිදන් කළ ස්ථානයෙන් අනිද්දා එම සිරුරු යළි   ගොඩ ගෙන ඩී.එන් ඒ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මීගමුව කටුවපිටිය පල්ලියට බෝම්බ ප්‍රහාර එල්ල කළ හස්තුන් ගේ බිරිය වන සාරා ජස්මින් ද මරාගෙන මැරෙන බෝම්බකාරියක ලෙස පුහුණු වූ කාන්තාවකි. ඇය අප්‍රියෙල් 21 වැනිදා සිදුවූ ප්‍රහාරයෙන් පසුව සයින්දමරුදු ප්‍රදේශයට පළා ගිය බවට තොරතුරු අනාවරණය වූ අතර එහි නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත එම නිවස ආරක්ෂක අංශ විසින් වටළා තිබිණි.

එම අවස්ථාවේ දී එහි සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවකු බෝම්බයක් පුපුරුවාගෙන තිබේ. ඒ අවස්ථාවේ එම නිවසේ 19 දෙනකු සිට ඇති අතර එයින් දිවි බේරගෙන තිබුණේ සහරාන්ගේ බිරිය සාදියා සහ ඇගේ කුඩා දරුවා පමණි.

19 දෙනකු සිටියද එම ස්ථානයෙන් හමුවූ   මළ සිරුරු සහ සිරුරු කොටස් සම්බන්ධයෙන් සිදුකරන ලද ඩී.එන්.ඒ පරීක්ෂණයේදි තහවුරු වී තිබුණේ එම ස්ථානයේ මළ සිරුරු 16 දෙනකුගේ පමණක් තිබුණු  බවය.


මෙම නිවසේ සිටි බව කියන සාරා ජස්මින්ගේ ඩී.එන්.ඒ  මෙම සිරුරු  සමඟ නොසැසඳුණු අතර ඇය ඉන්දියාවට පලා ගිය බවට තොරතුරු අනාවරණය වී තිබුණි. ඇය මෙම ප්‍රහාරය පිළිබඳව සැලකිය යුතු වැදගත් තොරතුරු දන්නා බව විමර්ශකයන් විශ්වාස කරන අතර ඇය පිළිබඳව කෙරුණු විමසීම්වලදී ඇය මිය ගොස් ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳව හිටපු අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද පොලිසිය සතුව ඇය මිය ගිය බට ස්ථිර තොරතුරක් නැති අතර මේ බව යළිත් සනාථ කර ගැනීම සඳහා මෙලෙස අනිද්දා සිරුරු ගෙන ඩී.එන්.ඒ පරීක්ෂණයක් යළි සිදු කිරීමට නියමිතව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version