සාමනේර හිමිනමකට තුන් වසරක් පුරා අතවර කර සිද්ධිය හෙළි වූ පසු පලාගොස් සිටි චීවරධාරීන් 03 අත්අඩංගුවට…

robe

සුමිත් පොතුපිටිය –

බාලවස්කාර සාමනේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලිංගික අතවර කිරීමේ අපරාධය හෙළි වූ පසු පලා ගොස් සිටි විහාරාධිපති හිමි නම  ඇතුළු චීවරධාරින් තිදෙනා   අද (11) අත්අඩංගුවට ගත්බව  පයාගල පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර , පයාගල ගොරකදෙනිය විහාරස්ථානයක වැඩ වාසය කළ  43 හැව්රිදි විහාරාධිපති චීවරධාරියා   සහ 17 වියැති චීවරධාරීන් දෙදෙනෙක්   බව පොලිසිය කිය.

සිද්ධිය පිළිබඳව  අතවරයට පත් 11 හැව්රිදි සාමනේර  හිමි නමගේ  මව විසින් කල පැමිණිල්ලක් අනුව පොලිසිය  පරීක්ෂණ සිදුකල අතර සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර මෙම චීවර ධාරීන් තිදෙනා විහාරස්ථානයෙන් පැන ගොසි තිබිණි. .

මෙම චීවරධාරීන්  ඉකුත් මැයි 04 නීතිඥයකු මාර්ගයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුම්පතක් යොමුකර තිබූ අතර , එය ප්‍රතික්ෂේප කර අත්අඩංගුවට ගන්නැයි අධිකරණයට පොලිසියට නියෝග කර තිබුණි.


ඒ අනුව පලාගොස් සිටී චීවරධාරීන් තිදෙනා    අද පයාගල පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත්බව  පොලිසිය කීය.

2021 වර්ෂයේ සිට විහාරාධිපති චීවරධාරියා සහ අනෙන් චීවරධාරීන් දෙදෙනා   සිය කාමර වලදී  සාමනේර හිමිනමට වරින්වර බරපතළ ලිංගික අතවර සිදුකල බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කීය.

අතවරයට පත් සමනේර හිමි වෛද්‍ය පරීක්ෂණ සදහා කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර වෛද්‍ය වාර්තා ලබාගත් බවද සදහන් වේ.

සැකකාර හිමිවරුන් චීවරධාරීන්  විමර්ශන සදහා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය වෙත භාරදුන් බවද පොලිසිය පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාන්ත ද සිල්වාගේ  ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන්  පරීක්ෂණ පවත්වන ලදී .

Exit mobile version