ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත අද (27) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය විජේරාම නිල නිවසේදී හමුවූ බව පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මෙහිදී දැනට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග කිරීමට සූදානම්වන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබඳව සාකච්ඡා කළ බව එම ආරංචි මාර්ග පවසයි.
මෙහිදී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ සඳුදා දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවයැයි එම ආරංචි මාර්ග පවසයි. එමෙන්ම බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර ද ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ජනාධිපති අපේක්ෂකත්වය සහ ගොඩනැගෙන්නට නියමිත සන්ධානය සම්බන්ධව කළ මෙම සාකච්ඡාවේ තවත් වටයක් ඉරිදා පැවැත්වෙනු ඇති බවත් පොහොට්ටුවේ ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් මේ වනවිට පොහොට්ටුව තමන්ගේ ලකුණින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ ස්ථාවරය ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරයා තමන් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ පසු ඔහු සමග ඉදිරි ගමනක් නැති බව පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂකට හිතවත් පාර්ශවය තීන්දු කර ඇතැයි වාර්තා වේ.







