ස්මාර්ට් ෂර්ට් කම්හලේ 80කට කොවිඩ් ආසාදිතයි… කම්හල වසා නෑ..

කීර්ති ප්‍රනාන්දු –

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දියගම්පල ස්මාර්ට් ෂර්ට් ඇඟළුම් කම්හලේ 80 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී.කුලතිලක පවසයි.

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ආයතනය තුළ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලින් මෙම ආසාදිත සේවක සේවිකාවන් පිරිස අද (05) හඳුනාගෙන තිබේ.

එම සේවක සේවිකාවන්ගේ සමීපතම ආශ්‍රිතයන් 175ක් මේ වනවිට ස්වයං නිරෝධානයට ලක් කර තිබේ. මෙම ආයතනයේ 337ක් පමණ සේවය කරනු ලැබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආයතනය වසා දමන්නට මේ වනතුරුත් තීරණය කර නැත.

Exit mobile version