ස්පුට්නික් දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් ලැබෙන ලකුණු

Sputnik v

ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින ජනතාවට එම එන්නත් මාත්‍රාව තවදුරටත් ප්‍රමාද වන්නේ නම් දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම සම්බන්ධයෙන් එන්නත්කරණය සහ වසංගත පාලනය සම්බන්ධ විශේෂඥ කමිටුවේ උපදෙස් ලබා ගැනීමට අදහස් කරන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. ඊයේ රූපවාහිනි නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ ස්පුට්නික් එන්නත් mRNA එන්නතක් බැවින් එම කාණ්ඩයේ ම පවතින ෆයිසර් එන්නත ලබා දිම කෙරෙහි අවධානය යොමු කොට ඇති බවය.

මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ ස්පුට්නික් එන්නත ලබා ගත් 120000කට පමණ දෙවන මාත්‍රාව ලබා ගැනීමේ දුෂ්කරතාවක් පවතින අතර මේ පිළිබඳව මාධ්‍ය විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ විශේෂඥ කමිටුව මෙම එන්නත් අනුමත කළහොත් ඉදිරි සති කිහිපය තුළ ෆයිසර් එන්නත ලබා දීමේ හැකියාවක් පවතින බවය.

රුසියාවේ ස්පුට්නික් එන්නත් නිෂ්පාදනයේ අර්බුද නිර්මාණය වී ඇති අතර මේ වනවිට එහි පළමු මාත්‍රාව ලබා ගත් රටවල් ගණනාවක ජනතාවට දෙවන මාත්‍රාව ලබා ගැනීමේ දුෂ්කරතා මතුව ඇත. මේ තත්ත්වය එවැනි අත්දැකීමට මුහණ දුන් රටවල් ගණනාවක් මේ දෙවන මාත්‍රාව සඳහා ලබා ගත හැකි විකල්ප එන්නත පිළිබඳව විශේෂඥ අදහස් ලබා ගනිමින් සිටින්නේ එම එන්නතින් කොවිඩ් වෛරස ආසාදනයට එරෙහි සාර්ථක ප්‍රතිශක්තියක් ලබා ගැනීමට නම් දෙවන මාත්‍රාව අනිවාර්ය වන නිසාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මෙරට සෞඛ්‍ය බලධාරීන් මෙම එන්නතේ දෙවන මාත්‍රාව අනපේකෂිත නිසා පළමු එන්නත ලබා ගැනීමේදී එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීමට කැමති බවට සාදාචාර විරෝධී ආකාරයට එකඟතාවක් ලබා ගැනීමටද කටයුතු කර තිබුණි.

Exit mobile version