සහරාන් ඇතුළු පාස්කු බෝම්බකරුවන්ට රැකවරණය දුන් ඔළුවිල් විවාහ රෙජිස්ටාර් අත් අඩංගුවට

Saharan-Hasheem

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සහරාන් හෂීම් ගේ අන්තවාදයට ආධාර අනුබල ලබාදුන් සහ ඔහු ඇතුළු පස් දෙනකුට රැකවරණය ලබා දුන්බවට ලද තොරතුරක් මත ඔලුවිල් ප්‍රදෙශයේ විවාහ රෙජිස්ටාර්වරයකු සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ වර්ෂ 2017 දී කාත්තන්කුඩියේ අල්ලියාර් ප්‍රදේශයේ දී සහරාන් තමන්ට එරෙහි පාර්ශවයක් සමග ඇතිකර ගත් ගැටුමින් පසු තම සහචරයන් සමග ගොස් සැඟවෙන්නේ මෙම ඔළුවිල් රෙජිස්ටාර්වරයාගේ නිවසේ බව ය.

සහාරන් සමග පැමිණ විවාහ රෙජිස්ටාර්වරයාගේ නිවසේ සඟවී සිටි පුද්ගලයන් පස්දෙනා අතරින් දෙදෙනෙක් මවුලවි වරුන් බව හෙළි වී ඇත. මෙම විවාහ රෙජිස්ටාර්
සහරාන් ඇතුළු මෙම පුද්ගලයන් පස් දෙනා ඔහුගේ නිවසේ රඳවාගෙන අන්තවාදය සඳහා ආධාර අනුබල ලබා දීම සිදුකර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මෙම මවුලවිවරුන් දෙදෙනා ද ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව ද සහරාන් ඇතුළු සෙසු තිදෙනා පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවන් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය..

අත්අඩංගුවට ගත් රෙජිස්ටාර් මඩකලපුව ත්‍රස්ත ක්‍රියා අනු කොට්ඨාසයේ රඳවා සිටින අතර ඔහු කොළඹට රැගෙන ඒමට නියමිතව ඇත.

Exit mobile version