සහරාන්ගේ බිරිය ෆාතිමා හාදියා ඇප මත මුදා හරී…

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධානම ප්‍රහාරක ත්‍රස්තවාදියා වූ සහරාන් හෂීම් ගේ බිරිය වූ ෆාතිමා හාදියා දැඩි අප කොන්දේසි මත මුදා හරින්නට අද අධිකරණය නියෝග කළේය.

ඇය ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 4ක් රඳවාගෙන සිටියේය. අධිකරණය ඇයව නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවේ කල්මුණේ මහාධිකරණයේ දී අද (15) එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී ය.

අබ්දුල් කාදර් ෆාතිමා හාදියා අත්අඩංගුවට ගනු ලැබවේ වර්ෂ 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුවය.

ඇයත් ඇයගේ දියණියත් සිටියේ බරපතල ලෙස තුවාල ලබා ය. ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේය.


වසර හතරකට පසු සැක කාරිය ඇප මත මුදා හරිමින් අධිකරණය සැකකාර කාන්තාව රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත නිදහස් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද අධිකරණය විසින් ෆාතිමා හාදියාට සහ ඇපකරුවන්ට විදෙස්ගතවීමේ තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවේය.

Exit mobile version