සරුංගලයක කැඩුණු නූලක් නිසා සිදු වූ රිය අනතුරක් ජීවිත දෙකක් බිලි ගනී…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැඩිගිය සරුංගලයක නයිලොන් නුලක් පැටලි යතුරුපැදිය පෙරලියාමෙන් වු අනතුරකින් එකම පවුලේ මවක් හා වයස අවුරුදු එකහමාරක දරුවෙකු මියගොස් තිබේ.

යතුරුපැදිය පැදවු මියගිය කාන්තාවගේ සැමියා සහ හය හැවිරිදි දරුවෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් රත්ගම පොලීසිය පවසයි.

ඊයේ (17) රාත්‍රි 8.20ට පමණ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බුස්ස පිටිවැල්ල නිපුන නාවික හමුදාකඳවුර අසලදි මෙම අනතුර වි ඇත. කැඩී ගිය සරුංගලයේ නයිලොන් නුල පාර හරහා තිබි ඇති අතර යතුරුපැදිකරු විසින් එය අතින් අල්ලා ඉවත්කිරිමට යාමේ දි යතුරුපැදිය පාලනය කරගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලිගොස් ඇති බව පොලීස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

යතුරුපැදිකරු තම දරු දෙදෙනා හා බිරිය සමග තම දෙමව්පියන් බැලිම සදහා ගාල්ල දෙස සිට රත්ගම දෙසට ගමන්කරමින් සිටියදි මෙකි අනතුරට ලක්ව ඇත.

අනතුරෙන් සුදසිංහලියනගේ මේනකා ප්‍රසාදනි (34) අනතුර වු ස්ථානයේදිම මියගොස් ඇති අතර වයස අවුරුදු එකයි මාස 06ක් වියැති හින්දෙනියගේ අනුක රන්දුල නැමති දරුවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත. මොවුන් ගිංතොට පියදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

යතුරුපැදිකරු හා ඔහුගේ හය හැවිරිදි පුතු සුළු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. යතුරුපැදිකරු කොග්ගල ගුවන් හමුදා කදවුරේ සේවය කරණ සැරයන්වරයෙකු බවද පොලීසිය පවසයි.

මියගිය කාන්තාවගේ හා කුඩා පුතුගේ හදිසි මරණ පරික්ෂණ අද (18) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි. කැඩිගිය සරුංගලය නුල හා අනතුරට අදාල යතුරුපැදිය පොලිස් භාරයට ‍ ගෙන ඇත. රත්ගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.


Exit mobile version