සර්ව පාක්ෂික ආණ්ඩුවේ වැඩ ලබන සතිය වනවිට අවසන්… ජනපති සැලසුම් කරයි….

සියලු පක්ෂ සමග ඒකාබද්ධව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩ කටයුතු ලබන සතිය වනවිට අවසන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සැලසුම් කර ඇත.

නව ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධව පසුගිය දින කීපය පුරා ජනාධිපතිවරයා සහ දේශපාලන පක්ෂ අතර සාකච්ඡා පැවැත්විනි.

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම එහි සංයුතිය මෙන්ම ගමන් මග පිළිබඳව සාකච්ඡාවන්ට එක්වූ දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා මේ වනවිට ඉදිරිපත් වී ඇති අතර ඒ සියල්ල සැලකිල්ලට ගෙන ඉදිරි දින කීපය තුළ ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම ශක්තිමත් කරන ලෙස මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් සහ ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දෙන ආයතන සහ විදේශ රාජ්‍යයන් රජයෙන් ඉල්ලීම් කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගැනීම සඳහා දේශපාලන පක්ෂ සමග ඇතිකරගත් සාකච්ඡා අවසන් වූ වහාම සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවන බව රජයේ ප්‍රබල ඇමතිවරයෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version