සර්බියාවේ දෙවැනි සමූහ ඝාතනයේ සැකකාර ඝාතකයා අත්අඩංගුවට…

දවස් දෙකයි.. සමූහ ඝාතන 02යි....

ලෝකය තිගස්වා අට දෙනෙකුට ජීවිත අහිමි කර දෙදිනක්  තුළ සර්බියාවේ සිදුවූ දෙවැනි සමූහ මනුෂ්‍ය ඝාතනයේ සැකකාර  ඝාතකයා අද උදේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සර්බියානු ආරක්ෂක අංශ නිවේදනය කළේය.

පසුගිය බදාදා  13 හැවිරිදි පාසල් සිසුවා විසින් පාසල් සිසුන් 08ක් සහ පාසලේ ආරක්ෂ නිලධාරිය අතුළු 09 දෙනෙක් ඝාතනය කර දින දෙකක් ඉක්ම යන්නට ප්‍රථම සිදුවූ මෙම ඝාතනයේ සැකකරුත් තරුණයෙක් බවත්, ඔහු 2002 වසරට පසු ඉපදුන පුද්ගලයෙක් බවත් ආරක්ෂක අංශ කීවේය.

අද  ප්‍රාදේශීය වේලාවෙන් 08:40 ට  පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම නිවේදනය කළේය.  . සැකකරු – UB යන මුලකුරු වලින් පමණක්  හඳුන්වා දී තිබේ.  ඔහුව  Kragujevac නගරය ආසන්නයේ රඳවාගෙන සිටින බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ බ්‍රහස්පතින්දා සවස ඩුබෝනාහි උද්‍යානයකදී පොලිස් නිලධාරියෙකු සමඟ බහින්බස් වීමක් ඇතිවීමෙන්  අනතුරුව මේ පුද්ගලයා සර්බියානු අගනුවර වූ බෙල්ග්‍රේඩ් සිට දකුණට කිලෝ මීටර 60ක් පමණ දුර Mladenovac සහ Dubona  ගම්මාන මැදින්   වාහනයක ගමන්කරමින්ම මේ වෙඩි තැබීම සිදුකළ බවය.


සැකකරුගේ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 08 දෙනෙක් මිය ගොස් තවත් 14 දෙනෙක් බරපතල තුවාල ලද බවත් එසේ තුවාල ලද පුද්ගලයින් දෙදෙනෙක් අතිශය අවදානම් තත්ත්වයේ පසුවන බවත් සර්බියා රජයේ ආරංචි මාර්ග කිවේය.

තුවාල ලබා රෝහල් ගත කළ සියලුම දෙනා 2000 වසරෙන් පසුව උපත ලැබූවන් බව සර්බියානු විකාශක RTS වාර්තා කළේය. දැඩි ලෙස අසාධ්‍යව සැතකම්වලට ලක් කර ජිවිත අවදානමින් පසුවන්නේ වයස අවුරුදු    21 සහ 23 වයස්වල තරුණයින් දෙදෙනෙකි.

සර්බියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අනුව සැකකරු අත්අඩංගුවට ගන්නේ දැඩි සෝදිසි මෙහෙයුමකින් අනතුරුවය.

ඊට පොලිස් නිධාරීන් 600කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වී තිබිණි.  පොලිස් මාර්ග බාධක යොදා අවට සෑම මාර්ගයකම ආරක්ෂාව තර කෙරිනි. හෙලිකොප්ටරයක් ඩ්‍රෝන යානා සහ පොලිස් මුර සංචාර කීපයක් යොදවීමට ආරක්ෂක අංශ ක්‍රියා කළේය.

මේ කතාවත් බලන්න….

සර්බියාවේ තවත් සමූහ වෙඩි තැබීමකින් 8ක් මිය යති!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාස ගණනක් සැලසුම් කර පාසල තුළ 09ක් වෙඩි තබා මරා දැමූ සර්බියාවේ පුංචි ඝාතකයා… අවුරුදු 13යි… තවම 7 ශ්‍රේණියේ…

 

 

Exit mobile version