සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට ළමා හිතකාමී අධිකරණ කාමරයක් විවෘත වේ… රට පුරා අධිකරණවලට මෙම පහසුකම ලබා දීමට සැලසුම්!

by editor
සැප්තැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

ප්‍රචන්ඩත්වයට ගොදුරු වන දරුවන්ට චූදිතයින්ගේ නෙත නොගැටී අධිකරණ කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරමින් මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ පහසුකම් වලින් සමන්විත ළමා හිතකාමි අධිකරණ කාමරයක් මහනුවර මහාධිකරණ පරිශ්‍රයේ දී ඊයේ (17) ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් අතින් විවෘත වූයේය.

විවෘත අධිකරයෙන් බැහැරව විශේෂ කාමරයක් තුළ දරුවන් නඩු කටයුතු වලට සම්බන්ධ කිරීම මගින් මහාධිකරණ ක්‍රියාවලිය ළමා හිතකාමි කිරීම රජයේ අරමුණ වී තිබේ. අදාළ කාමරයේ සිට ඩිජිටල් තිරයක් ඔස්සේ අධිකරණ කටයුතු වලට සම්බන්ධ වෙමින් සාක්කි ලබාදීම එහි සිටම සිදු කිරීමට මෙමගින් දරුවාට අවස්ථාව උදාකර ඇත.

ප්‍රචන්ඩත්වයට පත්වන දරුවන් වෙනුවෙන් විමර්ශන ක්‍රියාත්මක කරන ආයතන ගණනාවක් තිබෙන බවත් එම එක් එක් ආයතන හුදකලාව ක්‍රියාත්මක වීම මගින් දරුවන්ට සිදුවන අගතිය වලක්වා ගැනීම සඳහා ඒවා ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළට ගෙන ඒමට පියවර ගෙන තිබෙන බවත් එම අධිකරණ කාමරය විවෘත කරමින් අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම පිළිබඳ මොංගෝලියාවේ බොගෝටාවල 2024 දී පැවැති සමුළුවේ දී ශ්‍රී ලංකා රජය පොරොන්දු හතරක් ලබාදුන් බවත් නව ළමා හිතකාමි කාමරය විවෘත කිරීමට අදාළ වැඩපිළවෙළ ඔස්සේ ඉන් පොරොන්දු දෙකක් ඉටු කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබී තිබෙන බවත් අමාත්‍ය සරෝජා පෝල්රාජ් කීවාය.

ප්‍රථම වරට මහනුවර මහාධිකරණයේ ස්ථාපිත කළ මෙම ළමා හිතකාමි අධිකරණ ක්‍රියාවලියේ අඩුපාඩු හඳුනා ගනිමින් දිවයිනේ සෙසු අධිකරණවල ද මේ ආකාර කාමර ඇති කිරීමට අපේක්ෂා කරන බව ඇමතිවරිය ප්‍රකාශ කළාය.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එක්ව යුනිසෙෆ් සහ යුරෝපා සංගමයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ප්‍රචන්ඩත්වයට මුහුණ දුන් දරුවන්ට සහය දැක්වීමේ වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස මෙම විශේෂ කාමරය විවෘත කිරීම සිදුවිය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ, නීතිපති පාරින්ද රණසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත එමා බ්‍රිගම් සහ යුනිසෙෆ් හා යුරෝපා සංගමයේ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දියවඩන නිලමේ ඡන්දය නොවැම්බර් 07 ?…

Next Post

රුපියල් 5000 හොර නෝට්ටු 145ක්, නෝට්ටු මුද්‍රණය කළ උපකරණ සහ සැකකරුවන් 04ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.