සයිනොෆාම් එන්නත් මිලියනයක් කටුනායකට

කීර්ති ප්‍රනාන්දු –

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (24) අළුයම මෙරටට ගෙනැවිත් තිබේ.

චීනයේ බෙයිජං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.869 දරන විශේෂ ගුවන් භාණ්ඩ ප්‍රවාහන යානයෙන් අද ( 24) අළුයම 05.09ට මෙම එන්නත් තොගය රැගෙනවිත් ඇති අතර කිලෝ ග්‍රෑම් 16.887ක බරැති ඇසුරුම් තුළ වියලි අයිස් යොදා එන්නත් තොගය අසුරා තබිණි.

මෙම එන්නත් තොගය සමග මෙතෙක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති සම්පූර්ණ සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන 15.7කි.

තවද මෙම මස අවසන් වීමට පෙර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02ක් මෙරටට ලැබෙන්නට නියමිතව ඇත.

අද (24) රැගෙන එන ලද එන්නත් පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ගේ දෙවැනි මාත්‍රාව ලබා දීමට යොදා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අංශ පවසයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ වනවිට පැවති දෙවන මාත්‍රාව ලබා දීම සඳහා වූ එන්නත් හිඟය මග හැරෙනු ඇත.

Exit mobile version