සමාගම් 12කට රසායනික පොහොර ගෙන්වීමට අවසර…  

රසායනික පොහොර ආනයනයට සමාගම් 12කට අනුමැතිය ලබා දුන් බවත් ඔවුන් විසින් මිශ්‍ර පොහොර සහ  යූරියා ගෙන්වනු ඇති බවත් පොහොර ලේකම්  කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා පවසයි.

ඒ අනුව තව දෙමසක් ගතවන විට වෙළෙඳපලේ රසායනික පොහොර සුලබ වනු ඇතැයි ඔහු විශ්වාසය පල කළේය.

පළතුරු ඇතුළු ඇතුරු භෝග සඳහාද මෙම  පොහොර භාවිත කළ හැකිබව පොහොර ලේකම් කාර්යාලයේ    අධ්‍යක්ෂවරයා පැවසීය.  .


දැනටමත්  එන්පීකේ මෙට්‍රික් ටෝන් දෙදාහක්  රටට ගෙනත් ගෙන්වා ඇති බවත්,  යූරියා මෙට්‍රික් ටොන් 1500ක් ලඟදීම රටට ගෙනෙන්නට නියමිත බවත් පැවසූ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ මේ කිසිම පොහොර වර්ගයක් වෙනුවෙන් රජයේ සහනාධාර නොලැබෙන බවය.

කෙසේ වෙතත් තව මාස දෙකකින් එන පොහොර විනාශ වී ඇති මහකන්නයේ වගාවට කිසිසේත්ම වැඩක් නොවන බව කෘෂි විද්වත්හු කියති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් පවසන්නේ මේ වනවිට මහ කන්නයේ වගාවට සිදුවිය යුතු හානිය   සිදුවී හමාර බවය.

 

 

Exit mobile version