සබරගමුව විශ්ව විද්‍යාලයීය  වෛද්‍ය පීඨයේ  සංවර්ධන කටයුතු ඇරඹේ…

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු ‍කෙරුණි.

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය මේ වන විට පීඨ 08 කින් සමන්විත වන අතර වර්තමානයේ සිසුන් 4500 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරයි. අලුතින් පිහිටුවන ලද වෛද්‍ය පීඨයට 2019 ජනවාරි මාසයේ දී සිසුන් 70 ක් ඇතුළත් කර ගෙන ඇත. මේ වසරේ නොවැම්බර් මාසයේ දී සිසුන් 100 ක් බඳවා ගැනීමට අපේක්ෂා කරයි

මෙම වෛද්‍ය පීඨය පුළුල් කිරීමේ අරමුණින් සහ පහසුකම් වැඩිදියුණු කිරීමට රජය විසින් මෙම සායනික සහ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 1014 (එක් දහස් දහ හතරක්) ආයෝජනය කිරීමට නියමිතය. ඒ අනුව මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. පළමු අදියර යටතේ ඉදිකරන මෙම ගොඩනැගිලි සංකීර්ණය වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ නිම කිරීමට සැළසුම් කර ඇත.


පරිපුරක සායනික ගොඩනැගිල්ල තුල ව්‍යාධිවේද, පරපෝෂවේද, ක්ෂුද්‍ර ජීව විද්‍යා, අධිකරණ වෛද්‍ය විද්‍යා, භිෂග්වේදය, පවුල් වෛද්‍ය විද්‍යා, ප්‍රජා වෛද්‍ය විද්‍යා වශයෙන් නව අධ්‍යනාංශ 07 ක් ස්ථාපිත කිරීමට ද නියමිතය. එමෙන්ම ඉදිරි වසර කිහිපය තුළ මහාචාර්ය සහ සායනික ඒකකයක්පහසුකම් සහිත පුස්තකාලයක්කාර්ය මණ්ඩල නවාතැන් සහ තවත් බොහෝ පහසුකම් වැඩිදියුණු කිරීමට ද නියමිතය. ඒ සහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් සෞදි සංවර්ධන අරමුදල මගින් ලබාදීමට නියමිතය. මෙම වෛද්‍ය පීඨය හරිත සංකල්පයට අනුකූලව ඉදිකෙරෙන අතර පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියකින් ද යුක්තය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට සබරගමුව විශ්ව විද්‍යාලයේ වැඩබලන කුලපති මහාචාර්ය ඩබ්.කේ අතුල සී. ඥානපාල , විශ්ව විද්‍යාල කොමිසන් සභාවේ සභාපති ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, සබගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය එම්.එන් වික්‍රමරත්න  , සබරගමුව වෛද්‍ය පීඨයේ උපදේශක මහාචාර්ය සරත් ඩී. ළමාබදුසූරිය, කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version