සබන් කියලා වහ පාවිච්චි කළ හැටි වෙළඳ ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හැම ගෙදරකම රෙදි සෝදනු ලැබුවත් මෙපමණ කලක් අප රෙදි සෝදා ඇත්තේ සබන්වලින් නොව මහා විෂය සහිත රසායනවලින්බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද ( 22) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

“ සබන් ලෙස හැඳින්වීමට එහි නිශ්ඡිත ටී.එෆ්.එම්. (Total fatty matter of soap) අගයක් තිබිය යුතුයි. රෙදි සෝදන සබන්වල එය සියයට 59ක් තිබිය යුතුයි..

බහු ජාතික සමාගම් කවදාවත් ඒ ක්‍රමයට සබන් හදලා නෑ. ප්‍රමිතිගත ටී.එෆ්.එම් අගය නැති ඩිටර්ජින් බාර් සබන් කියලා ඔවුන් නිශ්පාදන කරන දේ සබන් කියලා කැටයක් රුපියල් 53 ගානෙ විකුණනවා. අපි රජය මැදිහත් වෙලා නිශ්පාදකයන් 03ක් සොයාගෙන ප්‍රමිතිගත රෙදි සෝදන සබන් විකුණනවා රුපියල් 40ට.“

සබන් කැටකය මිල රුපියල් 13කින් අඩු කරලා තියනවා ප්‍රමිතියත් එක්ක. අපි වැඩ කරන්නෙ මහජනයගෙ පැත්තෙන් හිතලා. ජාවාරම් කාරයින්ගෙ පැත්ත අරන් නෙමෙයි.“ යැයි ඇමතිවරයා කීවේය.


Exit mobile version