සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම කුමන්ත්‍රණයක්… වෘත්තීය සමිති විරෝධතාවයක!

බොරතෙල් ආනයනය නොකිරීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම කුමන්ත්‍රණයක් බව ඛනිජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එම සංගමයේ කැඳවුම්කරු අශෝක රන්වල   පැවසුවේ,   බොරතෙල් හිඟය හේතුවෙන් කඩා වැටී ඇති පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස  බලධාරීන්ට බලකරමින් අද විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවය.

බොරතෙල් ආනයනය කිරීමට විදේශ සංචිත නොමැතිකම හේතුවෙන් පිරිපහදුව වසා දැමූ බවට රජය ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවද අශෝක රන්වල පැවසීය.


දිවා ආහාර වේලාවේ දී ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දෙන ලෙස ඔහු පිරිපහදු සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සංගමය රජයෙන් සහ අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

Exit mobile version