සඳුදා ජනපති ප්‍රධානත්වයෙන්  අණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්…

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවා ඇත. ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා සියලුම මැති ඇමතිවරුන්ට මෙම රැස්වීමට සහභාගීවන ලෙස  දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද  සහභාගී වන මෙම රැස්වීමේ දී රටේ උද්ගතව ඇති වත්මන් අර්බුදකාරී අවස්ථාව ගැන සාකච්ඡා කිරීමට නියමිතය.

දැනට හිඟව පවතින ඉන්ධන ගෑස් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කඩිනමින් ගෙන්වා ගැනීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කරනු  ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතය සහ එහි ඉදිරි පියවර පිළිබඳව ද  මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී වැඩි අවධානයක් යොමු කිරීමටත් අදහස් ලබා ගැනීමටත් සැලසුම් කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.


Exit mobile version