සන්ෂයින් සුද්දාගේ ඝාතන සැකකරු ලබන 24 දා තෙක් රක්ෂික බන්ධනාගාරයට…

කොවිඩ් ආසාදිත සන්ෂයින් සුද්දාගේ දේහය භූමදානයට ඔට්ටමාවඩි යවයි..

‘සන්ෂයින් සුද්දා’ යන අන්වර්ත නාමයෙන් හඳුන්වනු ලැබූ පාතාල සාමාජික   අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නැමැත්තා  වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කොටවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් වලාන,  වැලිගම පදිංචි    දොන් ගනේශ් කොඩිතුවක්කු කරුණාරත්න (43) නමැති අය  ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර   අද  (09) නියෝග කළේය.

මාතර මැද්දවත්ත මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ    කාර්යාල කාර්ය කාර්යසහායකයෙක් ලෙස සේවය කරන මේ පුද්ගලයා   ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකු ලෙස සැළකෙන නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ ගෝලයක් බව පොලිසිය අධිකරණයට කීවේය.

මේ බව සඳහන් කළේ පැමිණිල්ල වෙනුවෙන් කොටවිල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්. සී. හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර කරුණු දක්වමිනි.


මෙම සැකකරු වැලිගම උඩුකාව ප්‍රදේශයේ දී ඊයේ (08) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව   පොලිසිය අධිකරණයට කීවේය .

එමෙන්ම මෙම ඝාතන  සැකකරු, මේ වන ඩුබායි රාජ්‍යයේ ජීවත් වන බව කියන මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා   ගේ ගෝලයකු වශයෙන් කටයුතු කර ඇතැයි කොටවිල පොලීසිය අධිකරණයට ඉදිරියේ සඳහන් කළේය.

මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරමින් පවතින අතර ඔහුගේ බැංකු ගිණුම්වලට අදාල තොරතුරු ලබා ගනිමින් විමර්ශනය සිදු කිරීමට බලාපොරොත්තු වන බවද කොටවිල පොලිසිය පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට මෙහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය. ඒ අනුව මෙම පුද්ගලයාව ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

තවද  මෙම සිද්ධිය දී ඝාතනයට ලක්වූ පාතාල කල්ලි සාමාජිකයකු වූ අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත්  ‘සන්ෂයින් සුද්දා’ ගේ කොවිඩ් ආසාදිත දේහය මඩකලපු ඔට්ටමාවඩි සුසාන භූමියේදී භූමදානය කිරීම සඳහා රැගෙන ගිය බවද පොලිසිය පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැලිගම, උඩුකාව ප්‍රදේශයේදී පදිංචිව සිටි ‘සන්ෂයින් සුද්දා’ නැමැත්තා කොටවිල, වරකාපිටිය මහා විද්‍යාල අසළදී පසුගිය 3 වැනිදා වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියේය.

Exit mobile version