සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා විසින් භාවිතා කරමින් සිටි, නීති විරෝධීව ගෙන්වන ලද ලෑන්ඩ් කෲෂර් වර්ගයේ වාහනයක් සමග එම තැනැත්තා වලාන දූෂණ මර්දන ප්‍රහාරක අංශය විසින් අද ( 19) සවස මතුගම දී අත් අඩංගුවට ගෙන තිබේ.
වැඩබලන පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම වලාන දූෂණ මර්ධන ප්‍රහාරක අංශය විසින් සිදුකර ඇත.
මෙම නීති විරෝධී ජීප් රථය සමග සැකකරු අත් අඩංගුවට ගෙන මතුගම පොලිසිය වෙත භාර දුන් පසු කණ්ඩායමක් සමග මතුගම පොලිස් ස්ථානය වෙත පැමිණි ජගත් විතාන පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
විමර්ශන වැඩිදුර ක්‍රියාත්මකය.







