සකුරායි ගුවන් සේවයේ තවත් යානයක් කිඹුලාපිටිය වෙල් යායකට හදිසියේ ගොඩබස්වයි!

පුද්ගලික වාණිජ ගුවන් යානයක් හදිසියේ කිඹුලාපිටිය වෙල් යායකට ගොඩ බස්සවා තිබේ.

මෙම ගුවන් යානය සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ධාවන පථයෙන් නික්මී කොග්ගල දක්වා ගමන් කරමින් සිටිය දී මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇත.

මෙසේ ගොඩබා පසුගිය 22 දා බේරුවල වෙරළ තීරයට හදිසි ගොඩබෑමක් කළ සකුරායි ඒවියේෂන් ගුවන් සමාගමටම අයත් සෙස්නා 172 (Cessna 172 ) වර්ගයේ සැහැල්ලු ගුවන් යානයකි.


යානයේ පුද්ගලයින් සිව් දෙනෙක් ගමන් කර ඇති බවත්,  කොග්ගල වෙත ගමන් කරන අතර ඇතිවූ හදිසි තත්වයක් යටතේ කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබැස්වීමට සූදානම් වුවත් කාලයේ මද කම හේතුවෙන් යානය කිඹුලාපිටිය ඉහත වෙල් යාය වෙත ගොඩ බස්වා තිබේ.

ෙගොඩබෑමේ දී ඇතිවූ කම්පනය හා සුළු තුවාල හේතුවෙන් ඔවුන්   සිව් දෙනාම රෝහල්ගත කර ඇති බවත්   සිද්ධිය පිළිබඳව වාර්තා වූ සැනින් කටුනායක ගුවන්තොටුපලේ ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ ගිනි නිවීමේ භට පිරිස් අදාල ස්ථානය වෙත යොමු කරවන්නට ගුවන් හමුදාව කටයුතු කර ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ  පැවසීය.

කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුවන්යානයක් හදිසියේ බේරුවල වෙරළට ගොඩබස්සයි!

Exit mobile version