සංචාරක මණ්ඩලය අනුමත සියලුම හෝටල්වල මත්පැන් අලවියට අවසර ලැබෙයි…

සුජිත් හේවාජුලිගේ –

සංචාරක මණ්ඩලයේ අනුමත සියලුම හෝටල් සඳහා මත්පැන් අලෙවි කිරීමට අවසර ලබාදෙන බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පවසයි.

ජෛව බුබුළු ක්‍රමය යටතේ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර රට විවෘත කිරීමෙන් පසු ජනතාව මත්පැන් අලෙවිසල් ඉදිරිපිට එක්රොක්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ වගකීම එම බලපත්‍රලාභීන්ටම ලබාදීමට තීරණය කර ඇතැයි සුරාබදු කොමසාරිස්වරයා පැවසුවේය.


ඒ ස්ථානවල ජනතාව එක් රොක්වීම සිදු වුවහොත් එම බලපත්‍රලාභීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කීවේය.

දිවයින පුරා ඇති මත්පැන් අලෙවි සල් සංඛ්‍යාව 4500කි.

මත්පැන් අලෙවිසල් වසා දැමීම නිසා රජයට දිනකට සිදුවන පාඩුව රුපියල් කෝටි හැත්තෑවකට අධිකය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version