සංචරණ සීමා නිවේදන අතර ජනතාව පැටලෙයි…

UNITED STATES - AUGUST 06: A stop sign sits in a hole in a residential street in the Lower Ninth Ward of New Orleans, Louisiana, Sunday, August 6, 2006. U.S. President George W. Bush said last month the U.S. government has committed more than $110 billion to the recovery of the Gulf Coast, declaring "we've got a plan" for the hurricane-battered region, but almost a year after Hurricane Katrina struck, that plan is hard to discern. (Photo by Daniel Acker/Bloomberg via Getty Images)

කොවිඩ් රෝග ව්‍යාප්තියේ බරපතල තත්ත්ව මත රජය විසින් අද දිනයේ ප්‍රකාශයට පත් කරන ලද සංචරණ සීමා පිළිබඳව වරින් වර විවිධ නිවේදන නිකුත් කිරිම හේතුවෙන් ජනතාව දැඩි ව්‍යාකූලත්වයට පත්ව ඇත. යුද හමුදාපතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදන අතර පරස්පරතාවන් හෝ විවිධ ව්‍යාකූලත්වයන් නිර්මාණය විය.

රජය විසින් පෙරේදා නිවේදනය කරන ලද්දේ අන්තර් පළාත් සංචරණ සීමා ඊයේ සිට ක්‍රියාත්මක වන බවය. ඊට අදාළ  මඟ පෙන්වීම් ඊයේ දිනයේදී ප්‍රකාශ වු අතර එහිදිද නිසි මඟ පෙන්වීම් මාලාවක් රජය ප්‍රකාශයට පත් කළ පරිදි ලබා නොදීම නිසා පළාත් අතර අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයේදී විවිධ ගැටලු අර්බුද නිර්මාණය වූ බව වාර්තා වෙයි.

අද දිනයේ ද  මුලින්ම අද රාත්‍රි 11 සිට අළුයම 4.00 දක්වා මෙම මාසය අවසන් වන තෙක් රට තුළ ඇඳිරි නීතිය හා සමාන සංචරණ සීමා ක්‍රියාත්මක වන බව ප්‍රකාශ වූ අතර ඊට පසුව යළි එය සංශෝධනය විය. ඒ අනුව යළිත් මෙම සංචරණ සීමා පිළිබඳව රජයේ දැන්වීම වූයේ ලබන සඳුදා වන තෙක් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන බවය. කෙසේ වුවද ඒ අනුව පැවසුණේ ලබන සඳුදා සිට මැයි මස 31 වැනිදා දක්වා නිවසින් පුද්ගලයකු බැහැරට යාමේදී ජාතික හැඳුනුම් පතේ අග ඉලක්කම ඔත්තේ හෝ ඉරට්ටේ විම මත අදාළ දිනයේ බැහැරට යා හැකි මට්ටමේ සීමාවක් පනවන බවය.


මෙම නිවේදනයද මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත්වීමෙන් පසුව අද සවස පස්වරු 6.15 රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් කියවුනේ හෙට (13) බ්‍රහස්පතින්දා සිය රාත්‍රි 11 සිට සංචරණ සීමා ක්‍රියාත්මක වන බවය.

මෙම නිවේදනයද මාධ්‍යයට නිකුත් වීමෙන් අනතුරුව යුධ හමුදාපතිවරයා  අද රාත්‍රියේ  ඩේලි මිරර් පුවත් පතට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණේ මෙම සංචරණ සීමා හෙට රාත්‍රි සිට නොව අද රාත්‍රි 11.00 සිට ක්‍රියාත්මක වන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද යුධ හමුදාපතිවරයා විසින් ලබා දෙන ලද අවසන් ප්‍රකාශයට අනුව අද රාත්‍රි 11 සිට හෙට පෙරවරු 4.00 දක්වා ක්‍රියාත්මකවන මෙම සංචරණ සීමා යලිත් හෙට රාත්‍රි 11.00 සිට ලබන සඳුදා අලුයම 4.00 වන තෙක් දිගටම ක්‍රියාත්මක වන බවය. යුද හමුදාපතිවරයාට අනුව හෙට රාත්‍රියේ සිට සඳුදා අලුයම වන තෙක් අත්‍යවශ්‍ය සේවා හැරුණු විට කිසිදු පුද්ගලයකුට නිවසින් බැහැරව යාමට අවසර නොලැබෙන අතර  සඳුදා සිට පිටතට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් ඉලක්කම ඔත්තේ නම් ඔත්තේ දිනයක සහ අවසන් ඉලක්කම ඉරට්ටේ අංකයක් හෝ බිංදුව නම් ඉරට්ටේ දිනයක පමණි.

Exit mobile version