ශාන්ත තෝමස් – ත්‍රිත්ව රගර් තරගය අවසානයේ විනිසුරුට පහර දුන් තරුණියට පොලිසියෙන් කැඳවීමක්!

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස් ශාන්ත තෝමස් විද්‍යාලය අතර ඊයේ (26)   රගර් තරගය අවසානයේ දී තරග විනිසුරුවරයෙකුට පහරදුන් බව කියන තරුණිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

මේ පහරදීම සම්බන්ධව විනිසුරුවරයා විසින් නාරාහේන්පිට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව නුවන්දනා තන්තිරිගේ නැමැති මෙම තරුණිය ලබන බ්‍රහස්පතින්දා කටඋත්තරයක් ලබා ගැනීමට   කැඳවා ඇති බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.

කැඳවීම කළ දිනයට  ඇය නොපැමිණියහොත් ඇයව අත්අඩංගුවට ගෙන ප්‍රකාශය සටහන් කරගැනීමට පොලිසිය සූදානමින් ඇත.


මෙම තරුණිය ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමේ උප නායකයාගේ සහෝදරිය බව කියැවේ.

ගැටුම ඇතිවන්නේ තරගය විනාඩි කීපයකට කලින් විනිසුරුවරයන් විසින් නිමා කළ බව කියමිනි. එහෙත් මේ වියරුව ආරම්භ වන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් හා මහනුවර ත්‍රිත්ව අතර පැවති රග්බි තරගයේ මුල් භාගය අවසානයේ ලකුණු 14-3 ක් ලෙස ඉදිරියෙන් සිටි ත්‍රිත්ව පිල පරාජය කරමින් දෙවන භාගයේ විශිෂ්ට ක්‍රීඩා විලාශයක් ප්‍රකට කළ ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 17 -14 ලෙස තරගයේ ජය වාර්තා කිරීම සමගිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගය නිමා වූ පසු  ආරක්ෂාව පිට එන විනිසුරුවරයන්ට මෙම තරුණියත් තවත් කිහිපදෙනෙකුත් පහර දෙනු වීඩියෝ දර්ශනවල දක්නට ලැබිණි. පාසල් දෙකෙහිම විදුහල්පතිවරු මෙම ගැටුම සම්බන්ධව   විනය පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

Exit mobile version