ශ්‍රී.ල.නි.ප නායකත්වයට අමරවීර හා දයාසිරි සීතල යුද්ධයක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකයත්වය සඳහා හිටපු ඇමතිවරු දෙදෙනෙක්වන මහින්ද අමරවීර හා දයාසිරි ජයසේකර අතර මේ වනවිට සීතල යුද්ධයක් ආරම්භ වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා මෙතෙක් දයාසිරි ජයසේකරගේ නම පමණක් යෝජනා වී තිබුණද පසුගිය සතිය වන විට මහින්ද අමරවීරගේ නමත් ඒ සඳහා යෝජනා වී තිබීම නිසා පක්ෂ අභ්‍යන්තරයේ මෙම අර්බුදය නිර්මාණය වී තිබේ.

මේ දෙදෙනාම මේ වනවිට මහ මැතිවරණයට තරග කරන අතර ඔවුන් මැතිවරණ සටනට සමගාමීව පක්ෂ නායකත්වය ලබා ගැනීමේ සටනක ද නියැලී සිටිතැයි පක්ෂ  ආරංචිමාර්ග කියයි.


මේ අනුව ශ්‍රී ලංකා නිදහස්පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ සහය මහින්ද අමරවීරට ලැබී ඇත. තරුණ සංවිධාන හා තරුණ ක්‍රියාකාරීන්ගේ සහාය දයාසිරි ජයසේකරට ලැබී තිබෙන බව එම ආරංචිමර්ග පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව අප කළ විමසුමකදී ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ මහ මැතිවරණයට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන්  හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන ඉවත්වීමට තීරණය කර තිබෙන අතර පසුව ඒ තනතුරට සුදුස්සෙක් තෝරා පත් කරගන්නා බවත් ය.

Exit mobile version