ශ්‍රී ලාංකික අපේ මනුස්සකම් ලොවට පෙන්වූ ඩෙමී…

ශ්‍රී ලංකිකයින් සිය ආගන්තුක සත්කාර වලට ලොව පුරා ප්‍රකට බව නොරහසකි.

අපගේ එම ආගන්තුක සත්කාර වල වටිනාකම ලොවටම පෙන්වූ අවස්තාවක් පසුගියදා බොට්ස්වානා රාජ්‍යයෙන් අසන්නට ලැබිණි.

ඒ, සිය යතුරුපැදියේ නැග ලොවපුරා ගමන් කරන නෙදර්ලන්ත ජාතික කාන්තාවකට පිහිට වීමත් සමඟයි.


ඉචී බූට් (කසන බූට් සපත්තු) නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන නෝර්ලේ භූවිද්‍යාඥවරියක් වන්නට ඉගෙනීම කටයුතු කර පසුව සියල්ල අතහැර ලොව පුරා සංචාරක කිරීම තීරණය කළ තැනැත්තියකි.

ඒ අනුව ඇය බොට්ස්වානා හී කළ සංචාරය අතරතුරදී අපූරු අත්දැකීමට මුහුණ දීමට සිදුවිය.

ඇය සිය සංචාරයේදී බොට්ස්වානා හී ෆ්‍රැන්සිට් ටවුන් සිට කසානේ දක්වා ගමන් කරන අතරතුරදී සිය ගමනාන්තය දක්වා යෑමට ඉන්ධන අවසන්විය.

එහෙත් ඒවන විට ඇය පසුකරමින් සිටි ප්‍රදේශයේ ඉන්ධනහල් වල පෙට්‍රල් නොමැති වීමත් සමඟ දැඩි අර්බුදයකට මුහුණ දීමට ඇයට සිදුවිය.

එහෙත් ඉතිරි ඉන්ධනවලින් කෙසේහෝ සිය ගමනාන්තයට ලගාවීමට ඇයට තීරණය කරන අතර ඒ අනුව යතුරු පැදියේ වේගය අඩු කරමින් ඉදිරියෙන් ගිය ජීප් රථයක් පසු පසින් ගමන් කිරීමට ඇය තීරණය කරණු ලැබයි.

මෙලෙස හිටි හැටියේම තාමා පිටුපසින් පැමිණෙන යතුරුපැදියට තමන්ව පසුකර යෑමට ඉඩදුන්නට එසේ නොකරන බැවින් ජීප් රථයේ රියැදුරු ඒ ගැන විපරම් කිරීම තීරණය කරනු  ලබයි.

ඒ අනුව ජීප් රථයේ රියදුරු රථය මාර්ගය අසල නවත්වා පසුපසින් එන යතුරු පැදියෙන් ඒ ගැන විමසන අතර එහිදී සියල්ල හෙලිවීම ආරම්භ වේ.

ඩෙමී

මෙහිදී යතුරු පැදියේ පැමිණි නෝර්ලේ තමන් මුහුණ දුන් ගැටලුව ජීප් රථයේ පැමිණි පුද්ගලයාට විස්තර කරනු ලැබීය.

එහිදී ජීප් රථයේ සිට පුද්ගලයා හනිකට පෙට්‍රල් සපයාදීමට ආසන්න නගරයට යන අතර කෙටිකාලයකින් යලි පැමිනෙන්නෙ හිස් අතිනි.

එහෙත් ඔහු ඇයට ඉදිරියේ ඇති නගරයෙන් ඉන්ධන ගෙන ඒමට පොරොන්දු වන අතර එහිදී ඇය ඔහුගේ නම සහ විස්තර විමසනු ලබයි.

එහිදී ඔහු තමන් ඩෙමී බවත් ශ්‍රී ලංකිකයෙකු බවද පවසා සිටින අතර වසර 22ක සිට බොට්ස්වානා හී වාසය කරන බවද සඳහන් කරයි.

එසේ පවසන ඩෙමී යලිත් පිටව ගොස්  ප්‍රමාණවත් තරම් ඉන්ධනද රැගෙන පැමිණෙන අතර පසුව ඔහු විසින්ම ඉන්ධනද පුරවා දෙනු ලබයි.

යතුරුපැදියට ඉන්ධන පුරවා දෙන ඩෙමී

පසුව ඩෙමී තමන් සතු ආහාර, තේ සහ කෝපි වලින්ද ඇයට සංග්‍රහ කරන අතරම ඉන්ධන වලට ඇය මුදල් ගෙවීමට උත්සහ කරන විට එයද ප්‍රතික්ෂේප කර සතුටින් පිටව යයි.

නොසිතූ මොහොතක තමන්ගේ පිහිටට පැමිණි මෙම ශ්‍රී ලංකිකයාට ඇය සිය ස්තූතිය පළකරන අතරම ඔහුගේ උපකාර වලට අන්තර් ජාලය ඔස්සෙ මේවන විට විශාල වශයෙන් ප්‍රසංශා කිරීම්ද ලැබෙමින් පවතී.

ඒ අනුව ඩෙමී යලිත් වරක් ශ්‍රී ලංකික අපගේ අගාන්තුක සත්කාර වල සුවිශේෂී බව ලොවටම පෙන්වීමටත් රටට ගෞරවයක් එක්කර දීමටත් සමත්වූ සුවිශේෂී චරිතයක් බව සතුටින් සඳහන් කළයුතුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලොව පුරා අතිශය ජනප්‍රිය වූ වීඩියෝව

Exit mobile version