ශ්‍රී ලංකාවට එන ඉන්දියානු සංචාරකයන්ට ටිකට්පත් ‘එකක් ගත්තොත් එකක් නොමිලේ’

ශ්‍රී ලංකාව බලා සංචාරයට පැමිණෙන් ඉන්දියානු සංචාරකයින් වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් එක් ගුවන් ප්‍රවේශපත්‍රයක් මිලදී ගැනීමේදී නොමිලේ ප්‍රවේශපත්‍රයක් පිරිනැමීමට පියවර ගෙන තිබේ.

‘ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් ආකර්ෂණීය දීමනාවක්! ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ‘බයි වන් ගෙට් වන් ෆ්‍රී’ මිලදී ගන්න. සංචාරක වීසා මත සංචාරය කරන ඉන්දියානු ජාතිකයින් සඳහා පමණක් වලංගු වේ. ඔබේ ටිකට් පත අදම වෙන් කරවා ගන්න! ටිකට් පත වෙන් කරවා ගැනීම සඳහා කරුණාකර ඔබේ ළඟම ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවා කාර්යාලය හෝ ඔබේ සංචාරක නියෝජිතයා හෝ සම්බන්ධ කර ගන්න.’ යනුවෙන් ප්‍රවර්ධන දැන්වීමෙහි දක්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරටට සංචාරකයන් වඩාත් ආකර්ෂණය කරගැනීමේ පියවරක් ලෙස මෙම අවස්ථාව ලබාදී ඇත.


Exit mobile version