ශ්‍රී ලංකා උප නායකයා කඩුළු රකින්නා සමග එංගලන්තයේ වීදියක අගුවේ බීඩි උරයි…

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් සහ ප්‍රබලතම පිතිකරුවෙක් හා කඩුළු රකින්නා ලෙස ක්‍රීඩා කරන නිරෝෂන් දික්වැල්ල මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත අන්තර්ජාතික ක්‍රිකට්  තරගාවලිය අතරතුර රාත්‍රියක නවාතැන් ගෙන සිටින හෝටලයෙන් එළියට පැමිණ ඩර්න්හැම් වීදියේ අගුවක හිඳ දුම්වැටි උරමින් රස්තියාදුවන දර්ශනයක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.

20යි විස්ස තරගාවලිය අජූත කොට පැරදී රටට ක්‍රිකට් එපා කළ මේ ක්‍රීඩකයන්ගේ හැසිරීම එම වීදියේ ගමන් ගත් පුද්ගලයෙක් වීඩියෝගත කර සමාජ මාධ්‍යය වෙත මුදාහැර තිබිණි. මින් පෙර ශ්‍රි ලංකා කණ්ඩායම විදේශ සංචාරවල යෙදුණු අවස්ථා ගණනාවක දීම රාත්‍රී කාලයේ බීමත්ව සමාජ ශාලාවල හැසිරීම පිළිබඳ නිරෝෂන් දික්වැල්ල වෙත චෝදනා එල්ල වී තිබිණි.

මේ සිදුවීමත් සමග ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් දැඩිව කම්පනයට පත්ව සිටී,

කොවිඩ් වසංගතය ලෝකය පුරා පවතින වකවානුවක විනයක් සහිතව ආරක්ෂිත හැසිරී රටේ ගෞරවය ආරක්ෂා කරගෙන පැමිණිය හැකි නම් තරග පැදුනත් කම් නැති බව පවසන බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ අදහස වී තිබෙන්නේ ජාතියක් නියෝජනය කිරීමේ වගකීම නොදත් සිල්ලර මිනිසුන් අන්තර්ජාතික තරගාවලි සඳහා සහභාගී කරවීමේ විපාක රට විඳිමින් සිටින බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි හැසිරීම් සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම ජාතික තලයේ ක්‍රීඩකයෙක් මෙන්ම ශ්‍රි ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකයාව සිටි ක්‍රීඩා ඇමතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබඳ ක්‍රීඩා ලෝලීහු විමසිල්ලෙන් පසුවෙති.

 

Exit mobile version