ශ්‍රී ධරන් පාර්ලිමේන්තුවේ ටී.එන්.ඒ ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඉවත් වෙයි…

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව තුළ දරණ දෙමළ ජාතික සන්ධානයේ  ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වන බව  නිවේදනයක් නිකුත් කරමින් දැණුම් දී තිබේ.

මන්ත්‍රීවරයා සදහන් කරන්නේ තමන් වසර ගණනාවක්ම මෙම තනතුරේ  කටයුතු කරණ ලද නමුත් ඉන් සිදු වූ යහපතක් නොමැති නිසා තමන් එම තනතුරෙන් ඉවත් වන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ඉල්ලා අස්වීම පිළිබදව තමන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාට දැණුම් දී ඇති බව සදහන් කරණ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඔහු මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවද සදහන් කරයි.


 

Exit mobile version