ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඇති ! ඡන්දෙට සල්ලි ඉල්ලා ඡන්දයක් අවශ්‍ය නෑ ! විපක්ෂය කියයි… 

පළාත් පාලන මැතිවරණයට වෙන් කළ මුදල් ලබා දීම පිළිබඳව යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය සැලසුම් කර තිබුණත් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දී ඇති නිසා එම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමේ අවශ්‍යතාවක් දැන් පැන නොනගින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල  ලංකාසරට පැවසීය.

2023 අයවැය මඟින් පළාත් පාලන මැතිවරණයට වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් මුදල් අමාත්‍යං ලේකම්වරයාට සහ නීතිපතිවරයාට අතුරු තහනම් නියෝගයක් මේ වනවිට නිකුත් කර ඇති  බැවින් එම නියේගය අනුව රජය ක්‍රියා කළ යුතු බව කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසීය.

ලබන සතියේ 09 සහ 10 දෙදින තුළ  පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට මේ වනවිට තීරණය වී ඇති බවත් එහි දී මෙම ශ්‍රේෂ්ඨාකරණ තීන්දුවට අනුව මුදල් ප්‍රතිපාදන ලබා දීමට අදාලව මන්ත්‍රිවරුන් විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවත්  ඔහු සඳහන් කළේය.

මේ අතකර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය   ඊයේ (04) ප්‍රකාශ කළේ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් ඒ අනුව රජය විසින් රඳවාගෙන සිටින මුදල් මෙම මැතිවරණය සඳහා වෙන් කිරීමට කටයුතු කරන බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැතිවරණ කොමිෂන් සභාව ද මීට කලින් යෝජිත මැතිවරණය සඳහා අදාළ ව වෙන් කළ මුදල් ලබා දීමට ක්‍රියා කරන ලෙස පාර්මේන්තුවෙන් ලිපියක් මගින් ඉල්ලා සිටි අතර පසුගියදා පැවති පකෂ නායක රස්වීමේදී මේ පිළිබඳව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විමසූ අවස්ථාවේ එම ලිපිය ලැබී ඇති පවසා ඇත.

Exit mobile version