ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය සරණාගතභාවය යළි ලබා දෙන්න…  උතුරේ සංවිධාන තමිල්නාඩු මහ ඇමතිට ලියති!

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන් ඉන්දියාවට පලාගොස් එහි සරණාගතභාවය ඉල්ලා සිටින පුද්ගලයින්ට සරණාගතභාවය ලබාදීම අත්හිටුවිමට ඉන්දීය මධ්‍යම රජය විසින් ගෙන ඇති තීරණය වෙනස් කොට දෙන ලෙස ඉල්ලමින් උතුරේ දෙමළ ස්වේච්ඡා සංවිධාන කීපයක්ම  ඊයේ (19 ) තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ස්ටාර්ලින් වෙත ලිපි යවා තිබේ.

1990 වසරේදී උතුරු නැගෙනහිර පළාත් වලින් ඉන්දියාවේ තමිල්නාඩුවට පලා ගිය දෙමළ වැසියන් ලක්ෂ දෙකක් පමණ තවමත් තමිල්නාඩුවේ මණ්ඩපම්  සරණාගත කදවුරේ සිටියදී තවත්  අලුතින්  සරණාගතයින්  ශ්‍රී ලංකාවෙන් පැමිණීම විශාල ප්‍රශ්නයක් බවට ඉන්දීය අමාත්‍යවරු කීප දෙනෙකුම ඉන්දීය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබිණි.

මේ අතර උතුරේ සිට සරණාගතභාවය ඉල්ලා පැමිණෙන තරුණයින් ශ්‍රී ලංකාවේදී මත්ද්‍රව්‍ය චෝදනා ඇතුලු තවත් අපරාධ රැසකට සම්බන්ධ වූවන් නිසා නිතිමය වශයෙන් විශාල ප්‍රශ්නයක් ඉන්දියාව තුළ පැන නගින බවද එම අමාත්‍යවරු පෙන්වා දී ඇත.


දැනට ශ්‍රී ලංකාව තුළ විශාල ප්‍රශ්නයක් හට ගෙන නොමැති බවත් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල ශ්‍රී ලංකාවට වඩා දැඩි ආර්ථික ධරිද්‍රතාවයකින් පෙලෙන පිරිස් ජීවත් වන නිසා ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාවට ඉන්දියාවේ සරණාගතභාවය ලබා දීමේ අර්ථයක් නොමැති බවත් ඔවුන්ට ඉන්දියාව  විසින් නිරන්තරයෙන්ම ආහාර ආධාර  හා මූල්‍ය ආධාර ලබා දෙන බැවින් ඔවුන්ට විශාල ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදු නොවන බවත්  ඉන්දීය අමාත්‍යවරු පාර්ලිමේන්තුවේදී  කියා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම බලපෑම් නිසා ඉන්දීය මධ්‍යම රජය උතුරේ සිට පැමිණෙන පිරිස් සදහා සරණාගතභාවය ලබාදීම සීමා කිරීමට ගෙන ඇති තීරණයෙන් කලබලයට පත්වී ඇති  උතුරේ ස්වේච්ඡා සංවිධාන කීපයක්ම තමිල්නාඩු ප්‍රධාන ආමාත්‍යවරයාට එම තීරණය වෙනස් කිරීමට බලපෑම් සිදු කරන ලෙස ඉල්ලා ලිපි යවා ඇත.

Exit mobile version