ශ්‍රී ලංකාවේ අභිමානවත් අරගලකරුවනි… නුඹලා ගැන ආඩම්බරයි… ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කියයි!

ශ්‍රී ලංකාවේ අභිමානවත්  මිනිසුන් ස්වකීය ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය කෙතරම් සාමකාමීව භාවිතා කරන්නේද යන්න ගැන තමන් අතිශයින් පැහැදීමට පත් වී සිටින බව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති  හොල්ගර් ස්‍යුබර්ට්  (Holger Seubert) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි .

වර්ෂ 1989 දී ජර්මනිය යලි එක් කිරීමේ දී  සාමකාමී විරෝධතා කෙතරම් ප්‍රබල වූවාද  යන්න   තමන්ට මේ අරගලකරුවන්  මතක් කර දෙන බව තානාපතිවරයා කියයි.

“සියලු පාර්ශ්වවලට සාමකාමීව සිටීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!“

ජර්මානු ශ්‍රී ලංකා තානාපතිවරයා සටහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version