ශ්‍රී ලංකන් පාඩුව බිලියන 15.6 සිට බිලියන 4.4ක් දක්වා අඩුවෙලා!

ලලිත් චාමින්ද

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි පාඩුව 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයෙන් අවසන් වන මාස නවය තුළදි රුපියල් බිලියන 4.4 දක්වා පහත වැටි ඇති බැව් ශ්‍රි ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

2021 වර්ෂයේ මෙම කාලසීමාව තුළදී ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 15.6ක පාඩුවක් වාර්තාකොට තිබුණි. එහෙත් 2022 වර්ෂයේ අවසන් මාස නවය තුළදී එම පාඩුව රුපියල් බිලියන 4.4 කට සිමා වී ඇති බැව් මහබැංකු වාර්තාවේ සඳහන් වේ. මෙම කාලසීමාව තුළදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේහි ආදායම සියයට 222.9ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කොට තිබුණි. මෙහෙයුම් වියදම සියයට 176..0කින් ඉහළ ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුවන්යානා ඉන්ධන හිඟය උග්‍ර වීම, ගුවන්යානා සඳහා නැවත ඉන්ධන පිරවීමට ඉන්ධන නොමැති වීම, ගුවන් සමාගම් විසින් නැවත ඉන්ධන පිරවීම වෙනත් නැවතුම් හරහා සිදුකිරීම හේතුවෙන් මෙහෙයුම් වියදම අධික ලෙස ඉහළ ගොස් තිබුණි. කෙසේ වුවද ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුගත කිරිමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ස්ථාපිත රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යූගත කිරිමේ ඒකකය වෙත පවරා ඇති බවද මහබැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.


 

Exit mobile version