සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ කතාව…

by editor
සැප්තැම්බර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

බෞද්ධයාගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන දළදා වහන්සේගේ ගිහි භාරකත්වය හිමි වන්නේ දියවඩන නිලමේවරයාට ය.

ඔහු පත් කර ගැනීම සඳහා රජ සමයේ සිට පැවත එන සම්ප්‍රදායක් පවතින අතර ඒ සඳහා නීතිරීති අණ පනත් ද පවතින්නේ ය.

දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා පත්වන දියවඩන නිලමේවරයාට ඒ සඳහා වසර දහයක කාලයක් වගකීම් පැවරෙන අතර ඔහු පත් කිරීමේදී ඡන්ද විමසීමක් සිදු කළ ද එය නිලවරණයක් නොව බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත අනුව කැඳවන ලද රැස්වීමක මත විමසීමක් වන්නේ ය.

  • දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කර ගන්නේ කෙසේ ද?

දියවඩන නිලමේවරයෙකුගේ නිලය පුරප්පාඩු වී තෙමසක් ඇතුළත ඔහු තෝරා පත් කර ගත යුතු බවට 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ සඳහන් ය.

ඒ සඳහා “මල්වතු විහාරයේ සහ අස්ගිරි විහාරයේ මහනායක හිමිවරුන් දෙපළට, උඩරට අය වන අධිකාරම්වරු හා දිශාවරු, උඩරට දිසාවන් තුළ නිල දරන රටේ මහත්වරු සහ ප්‍රාදේශීය ආදායම් නිලධාරීවරු, උඩරට දිසාවල පිහිටි සියලු ම දේවාලවල බස් නායක නිලමේවරු, එවකට ගත වූ තුන් අවුරුද්ද තුළ වාර්ෂිකව ආදායම් රු. දහසකට වැඩි යැයි බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් ගණන් ගනු ලබන උඩරට දිසාවන් තුළ පිහිටි සියලු ම සිද්ධස්ථානවල භාරකරුවන්ට,” බලය පැවරේ.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

සාම්ප්‍රදායානුකූලව උඩරට රාජධානියට අයත්ව තිබූ දිස්ත්‍රික්ක දහසයක් තුළ පිහිටි රජ මහා විහාරස්ථාන 157ක භාරකාර හිමිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් 170 දෙනෙකු, දේවාලවල බස්නායක නිලමේවරුන් 31 දෙනෙකු හා විහාරවල හා දේවාලවල ගිහි භාරකරුවන් හතර දෙනෙකු ඇතුළු 362 දෙනෙකුට මෙවර දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද අයිතිය හිමිව තිබේ.

නමුත් 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත අනුව, මෙම නිලවරණයට ඡන්ද අයිතිය ඇති නමුත් කාන්තාවන් හා අන්‍ය ආගමික ප්‍රාදේශීය ලේකම්වරුන් 95 දෙනෙකුට පමණ මෙවර නිලවරණයට ඡන්දය දීමෙන් වැළකී සිටීමට සිදුව තිබේ.

“දැනට තියෙන පනත අනුව නම් කාන්තා නිලධාරිනියන්ට ඡන්ද බලය නැහැ,” බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිණී සේනාරත්න පැවසීය.

ඒ අනුව මෙවර දියවඩන නිලමේ නිලවරණයට ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය ඇත්තේ ලියා පදිංචි ඡන්ද දායකයින් 267 දෙනෙකුට පමණි. එයින් 157 බෞද්ධ භික්ෂුන් වහන්සේලා වීම ද විශේෂත්වයකි. ඒ අනුව දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීමේ රැස්වීමට බෟද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් කැඳවීම් ලිපි ලැබෙන්නේ 267 දෙනෙකුට ය.

මෙවර තීරණාත්මක ඡන්දය භික්ෂූන් වහන්සේලා අත රැඳී ඇතැයි ද උපකල්පනය කළ හැක. ඊට හේතුව වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 51%ක් පමණ උන්වහන්සේලා සතුව තිබීම ය.

ඔවුන්ගේ රැස්වීමෙන් අනතුරුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රහසිගත ඡන්දයකින් දියවඩන නිලමේවරයා තෝරාපත් කර ගත යුතු බව පනතේ සඳහන් ය.

පුරප්පාඩු වී ඇති නිලයට තේරීම සඳහා එක් අයෙකුගේ නම පමණක් යෝජනා කර අනුමත කර ඇත්නම්, එම තැනැත්තා දියවඩන නිලයට පත් වූ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කළ යුතුය.

නමුත්, එක් අයෙකුට වැඩි දෙනෙකුගේ නම් යෝජනා වී අනුමත කර ඇත්නම්, ඡන්දය ගෙන වැඩි ඡන්දය ගත් තැනැත්තා දියවඩන නිලයට පත් වීම සිදුවේ.

එම තැනත්තා වයස අවුරුදු හැත්තෑව නොඉක්මවූ අයෙකු විය යුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

  • මෙවර නිලවරණයට ඉදිරිපත් වන්නේ කවුද?

නිලවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගෙන් 5 දෙනෙක්

මේ වන විටත් හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලට අමතරව තවත් පස් දෙනෙකු නිලවරණයට ඉදිරිපත් වන බව මල්වතු-අස්ගිරි මහ නා හිමිවරුන්ට දැනුම් දී තිබේ.

ඔවුන් අතර මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවණ, නාථ දේවාලයේ බස්නායක නිලමේ සරත් බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය තිලක් සඳරුවන් සුබසිංහ, පී.එම්. රෝෂාන් ප්‍රියදර්ශන හා ගාමිණී කළුහෙන්දිවෙල යන අය සිටිති.

මෙයින් ආචාර්ය සුබසිංහ හැර අනෙකුත් සියලු දෙනා දැනටමත් දේවාලවල බස්නායක නිලමේ තනතුරු උසුලන අය වෙති.

කෙසේ වෙතත්, සත්‍ය වශයෙන් ම ඔවුන්ට මෙම තරගයට ඉදිරිපත් විය හැක්කේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් කැඳවනු ලබන රැස්වීමේදී ඔවුන්ගේ නම් යෝජනා වී ස්ථිර වුවහොත් පමණි.

1814 සිට මේ දක්වා දියවඩන නිලමේවරුන් දහනව දෙනෙකු කටයුතු කර ඇති අතර දහනව වැන්නා ප්‍රදිප් නිලංග දෑල ය.

ඔවුන් අතරින් වැඩි ම වසර ගණනන් අඛණ්ඩව නිලමේ ධූරය දරා ඇත්තේ පුංචි බණ්ඩා නුගවෙල නිලමේවරයා ය. ඔහුගේ නිල කාලය (1916 -1937) වසර 21කි. එමෙන් ම ඉතිහාසයේ අඩු ම කාලයක් දියවඩන නිලමේ ධූරය දරා ඇත්තේ කුඩා මොල්ලිගොඩ නිලමේවරයා ය. ඔහුගේ නිල කාලය වසරක් (1827 – 1828) පමණි.

හිටපු දිය වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල 2005 වසරේ සිට දෙවතාවක් එම ධූරයට පත්ව වසර විස්සක කාලයක් අඛණ්ඩව කටයුතු කර ඇත.

ඔහුගේ ධූර කාලය ඉකුත් 7 වන දා අවසන් වීමෙන් පසුව නව දියවඩන නිලමේවරයෙකු පක් කර ගන්නා තුරු වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස ප්‍රදීප් නිලංග දෑල ම ඒ සඳහා පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර ඇත්තේ බෞද්ධ විහාර දේවාලගම් පනතින් ඔහුට පැවරී ඇති බලතල අනුව ය.

  • වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහිව පෙත්සමක්

මේ වන විට දියවඩන නිලමේ තනතුරේ නිල කාලය අවසන් වී ඇති අතර දැනට වැඩබලන දියවඩන නිලමේවරයකු පත් කර තිබේ.

මල්වතු-අස්ගිරි මහ නා හිමිවරුන්ගේ අනුමැතිය ඇතිව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ සඳහා හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පත් කරනු ලැබ ඇත.

දශක දෙකක කාලයක් ඔහු එම තනතුරේ කටයුතු කර ඇති අතර ඔහු ද මෙවර දියවඩන නිලය සඳහා වන නිලවරණයට ඉදිරිපත් වී ඇත.

ප්‍රදීප් නිලංග දෑල වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස පත් කිරීමට එරෙහිව ගම්පොළ, සාලිය ප්‍රසාද් නන්දසිරි නමැති අය අභියාචනාධිකරණයට වෙත රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එය මෙම මස 23 වන දා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිණී සේනාරත්න පවසන්නේ, තමන්ට පැවරී ඇති බලතල අනුව තමන් කටයුතු කර ඇති බව ය.

“දියවඩන නිලමේ තනතුර පුරප්පාඩු වුණා ම කටයුතු කළ යුතු ආකාරය විහාර දේවාලගම් පනතේ සඳහන් වෙනවා. ඒ අනුව තමයි මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ එකඟතාව ලබා ගෙන වැඩබලන දිය වඩන නිලමේවරයා ලෙස හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පත් කරන්නට කටයුතු කරනු ලැබුවේ,” ඔහු පැවසීය.

“එහි වරදක් තිබෙනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න මෙරට පුරවැසියන්ට තිබෙන අයිතියට මම ගරු කරනවා. ඒ වගේ ම ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් මට කැඳවීමක් ලැබුණොත් මම අධිකරණයේ පෙනී සිට වැඩබලන දියවඩන නිලමේවරයකු පත් කර ගැනීම සඳහා දැනට තිබෙන නීතිමය ප්‍රතිපාදන ගැන කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා,” කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

හිටපු හා වත්මන් වැඩබලන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑල මෙවර තේරීපත් වුවහොත් ඔහු වැඩි ම කාලයක්, වැඩි ම වාර ගණනකින් දියවඩන නිලමේ ධූරයට පත් වූ අයෙකු ලෙස ඉතිහාසයට එක් වනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇල්ල මාරක අනතුරේ බස් රථය මිලට අරන් තිබෙන්නෙ ලක්ෂ 55ට… මෝස්තරවලට අමතරව ලක්ෂ 70ක් වියදම් කරලා…

Next Post

දේශපාලන බලය රඳවා ගන්න පලාත් පාලන ආයතන භාවිතා කළ සංස්කෘතිය ඉවරයි… ජාතික සැලැස්මකට වැඩ කරන්න එක් වෙමු… ජනපතිගෙන් පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ ප්‍රධාන ලේකම්වරුන්ට උපදෙස් !

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.